28 C
Colombo
Wednesday, December 10, 2025

නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීයෙකු තරුණයෙකුට වෙඩි තඹයි

නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී පොලිස් වෙඩි පහරකින් රියදුරෙකු මියයෑමේ සිද්ධියෙන් පසු නාරම්මල පොලීසිය ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් හටගත්තා.
එම සිද්ධියට විරෝධය පළ කරමින් මියගිය පුද්ගලයාගේ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් නාරම්මල පොලිසිය ඉදිරිපිටට රැස්වී කළහාකාරී ලෙස හැසිර තිබුණා.
ගේට්ටු කඩා බිඳ දමා පොලීසියේ දේපළවලට ද රැස්වු පිරිස් හානි කර ඇති අතර තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් යෙදවීමට පියවර ගෙණුනා.
ඊයේ සවස් කාලයේදී නාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදී පොලිස් නිලධාරීයෙකුගේ ගිනි අවියක් හදිසියේ ක්‍රියාත්මක වීමෙන් පුද්ගලයෙකු මිය ගියා.
ඊයේ පස්වරුවේ නාරම්මල පොලීසියේ නිළධාරීන් පිරිසක් මෙහෙයුමක් සිදුකරමින් සිටින අතරවාරයේ නාරම්මල නගරය ආසන්නයේදී කුඩා ලොරි රථයකට නවත්වන ලෙස අණ කර ඇති අතර එම රථය අණ නොතකා ධාවනය කිරිම හේතුවෙන් මෙලෙස වෙඩි තැඹුබවයි පොලිස් නිලධාරියා පවසා ඇත්තේ.
කෙසෙවෙතත් ප්‍රදේශවාසින් පවසන්නේ මිය පුද්ගලයා කිසිදු වරදකට සම්බන්ධ අයෙක් නොවන බවයි.

එහිදී උප පොලිස් පරීක්ෂකවරයෙකු සහ කොස්තාපල්වරයෙකු යතුරුපැදියකින් එම ලොරි රථය හඹා ගොස් එය නවතා දම්පැලැස්ස හංදිය අසලදී පරීක්ෂාවට ලක්කර තිබේ.

එම අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයාගේ ගිනි අවිය ක්‍රියාත්මක වී ලොරි රථයේ රියදුරුට වෙඩි වැදී ඇති බව සඳහන් ය.

වෙඩි වැදීමෙන් ලොරි රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළේය.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 40 හැවිරිදි අලවිට ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු වන අතර සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරයා නාරම්මල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles