28 C
Colombo
Wednesday, December 10, 2025

පස් කන්දකට යට විමෙන් තිදරු පියෙක් ජිවිතක්ෂයට

නිවසක අලුතින් ඉදි කිරිමට නියමිත බැම්මක් සදහා අත්තිවාරමක් කපමින් සිටි
පුද්ගලයෙකු මතට පස් කන්දක් කඩා වැටිමෙන් එම පුද්ගලයා ජිවිතක්ෂයට පත්
වි ඇති බව නාවලපිටිය පොලිසිය පැවසනවා.

මෙසේ පස් කන්ද කඩා වැටිමෙන් ජිවිතක්ෂයට පත් වි ඇත්තේ නාවලපිටිය
වෙරළුගස්හින්න ප්‍රදේශයේ පදිංචි විමල් ජයසිරි නැමති (62) හැවිරිදි තිදරු පියයි.

ජිවිතක්ෂයට පත් පුද්ගලයා කුලි රැකියාවේ නිරත වන පුද්ගලයෙකු බවත්, (02) දින
නාවලපිටිය මහ වතුර ප්‍රදේශයේ නිවසක අලුතින් ඉදි කිරිමට නියමිත බැම්මක
අත්තිවාරම කපමින් සිටියදි නාවලපිටිය ප්‍රදේශයේ පැවති අයහපත් කාලගුණයත්
සමග පස් කන්ද කඩා වැටිමෙන් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

පස් කන්දට යට වු පුද්ගලයා ප්‍රදේශවාසින් එක්ව නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල
වෙත රැගෙන යන විටත් ජිවිතක්ෂයට පත් වි සිටි බව පොලිසිය පැවසුවේ.

ජිවිතක්ෂයට පත් තිදරු පියාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා නාවලපිටිය
දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිනෙබනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles