30 C
Colombo
Wednesday, December 10, 2025

පාසල් සිසුන් විනෝද චාරිකාවක් ගිය බස් රථය ත්‍රිරෝද රථයක ගැටිමෙන් එළියට ආ හන්තානේ චණ්ඩි

අනුරාධපුරයේ සිට හන්තාන කදුවැටිය නැරඹීමට පාසල් සිසු සිසුවියන් පිරිසක් රැගෙන ආ පෞද්ගලික බස් රථ රියදුරෙකුට මහනුවර හන්තාන ප්‍රදේශයේ පිරිසක් මුගුරකින් පහර දෙන අයුරු අසළ සිටි අයෙකු විසින් සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණා.
හන්තාන කදුවැටිය නරඹා ආපසු බස් රථය මහනුවර දක්වා ධාවනය කරවන අවස්ථාවේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක බස් රථය ගැටීමෙන් උරණ වූ ගම්වාසීන් බස් රථය නතර කර රියදුරු අසුනෙන් ඇද පහර දීම නිසා රියදුරු මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කල බවයි එම බස් රථය අසළ සිටි අයෙකු කියා සිටියේ.
එම බස් රථය පැමිණි ගුරුවරුන් සහ දෙමව්පියන් විසින් එම පහර දෙන පුද්ගලයාගෙන් බැගෑපත්ව ඉල්ලා සිටියේ රියදුරාට පහර දුන් හොත් ආපසු ළමුන් පිරිස අනුරාධපුරයට රැගෙන යාමට නොහැකි බව පවසමින්.
එම ගුරුවරුන්ගේද ඉල්ලීම නොතකා එම පුද්ගලයා විසින් පහර දෙන අයුරු කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles