27.2 C
Colombo
Wednesday, December 10, 2025

මාලනී ෆොන්සේකාගේ දේහය ඇගේ නිවසට රැගෙන එයි

හෙළ සිනමා විජිතයේ රාජිනිය ලෙස කිරුළු පලන් මාලනී ෆොන්සේකා මහත්මිය මේ වන විට සුව නින්දකට ගොස් හමාරයි.
කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම එතුමිය අභාවප්‍රාප්ත වුණා.
පසුව එතුමියගේ දේහය කොළඹ පෞද්ගලික මල්ශාලවකට ගෙන ආ අතර පසුව මාදිවෙල පිහිටි ඇගේ නිවසට දේහය රැගෙන එනු ලැබුවා.
එතුමියට අවසන් ගෞරව දැක්විමට හිතවතුන් ඥතින් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.
1947 වසරේ අප්‍රේල් මස කැලණිය ප්‍රදේශයේදී වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා උපත ලබන අතර පසුකාලිනව ශ්‍රී ලංකාවේ සිනමාව දික්විජය කළ ඇය මාලනී ෆොන්සේකා නමින් ප්‍රසිද්ධියට පත්වනවා.
කැලණිය ගුරුකුල මහ විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදෑරු මාලනී ෆොන්සේකා මහත්මිය අනතුරුව නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන්ද අධ්‍යාපනය හදාරනු ලබනවා.
1963 වසරේ දී වේදිකා නාට්‍ය හරහා රංගනයට පිවිසි එතුමිය සිනමාවට පිවිසෙන්නේ 1968 වසරේදී.
ඒ පුංචි බබා චිත්‍රපටයෙන්.
දහසක් සිතුවිලි, එයා දැන් ලොකු ළමයෙක්, නිධානය, ආදරේ හිතෙනවා දැක්කාම, තුෂාරා, මාතර ආච්චි, බඹරු ඇවිත්, අහස් ගව්ව ඇතුළු චිත්‍රපට 150කට වැඩි සංඛ්‍යාවකට ඇය සිය රංගන දායකත්වය ලබා දි තිබෙනවා.
රංගනයට පමණක් නොව චිත්‍රපට අධ්‍යක්ෂණය, තිර රචනය සහ නිෂ්පාදනයද ඇය විසින් සිදුකර තිබුණා.
මාලනී ෆොන්සේකා මහත්මිය අන්තර්ජාතික සිනමාවකදී සම්මානයට පාත්‍ර වූ පළමු ශ්‍රී ලාංකික නිළිය ලෙසයි සැලකෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles