27.2 C
Colombo
Wednesday, December 10, 2025

වෛද්‍ය ෂාෆි සියලු චෝදනාවලින් නිදහස් වුණේ ඇයි

වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාට එරෙහිව කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවරා තිබූ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම මහෙස්ත්‍රාත්වරයා අද (06) නියෝග කළා.

ඒ අදාළ නඩුව අද කුරුණෑගල ප්‍රධාන මහෙස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා හමුවේ කැඳවනු ලැබු අවස්ථාවේ දීයි.

එහිදී වෛද්‍ය සාෆිට එරෙහිව ගොනුකර තිබු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශ්වය අසමත් වී ඇති බව මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් මත ඔහු නිදහස් කරන බවත්, නඩුව පවත්වාගෙන යාමට කරුණු නොමැති බවත් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළා.

මෙහිදී වෛද්‍ය සාෆිට එරෙහිව පනවා තිබු විදෙස් ගමන් තහනම ද මහෙස්ත්‍රාත්වරයා විසින් ඉවත්කර ඇති බවයි වාර්තා වන්නේ.

වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මේ වන විට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවයේ නිරතව සිටින අතර ඔහු අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

මව්වරුන් 4,000කට පමණ වඳ සැත්කම් සිදුකළැයි චෝදනා එල්ල වු කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද වෛද්‍ය ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතාව 2019 මැයි මස 24 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles