දෙවුන්දර ශ්‍රි විෂ්ණු දේවාලය අසලදි තරුණයින් දෙදෙනෙකුට වෙඩි තැඹිමට ප්‍රධාන හේතුව වි ඇත්තේ මත්ද්‍රව්‍ය නිසා සිදුවු ආරවුලක් බවට පොලිසිය කරුණු අනාවරණ කරගෙන තිබෙනවා.
මෙම ඝාතණය විදෙස් ගතව සැඟවී සිටින දෙහි රංග නැමැත්තා විසින් සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇති බවයි මේ වන විට සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
එලෙස ඝාතනයට ලක්ව තිබුණේ දෙවිනුවර, කපුගම්පුර ප්‍රදේශයේ නිවසක පැවැති උපන්දින සාදයකට සහභාගීවී පැමිණෙමින් සිටි 29 හැවිරිදි පසිඳු තාරක හා යොමේෂ් නාදීශාන් නැමැති දෙවිනුවර ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙක්.
මේ යොමේෂ් නදීශාන් අදාළ උපන්දින සාදයේ සිටියදී අවසන්වරට සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබූ වීඩියෝවක්.
සාදයෙන් අනතුරුව ඝාතනයට ලක් වූ තරුණයන් දෙදෙනා එම ස්ථානයෙන් පිටව යන අයුරු අසල වූ සීසීටීවී කැමරාවක මෙලෙස සටහන් තිබුණා.
එලෙස පිටත්ව යන ඔවුන්ට දෙවුන්දර ශ්‍රි විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේදී මෙම වෙඩි තැබීම සිදු කර තිබුණා.
වැන් රථයකින් පැමිණි තිදෙනෙක් අදාළ ස්ථානයේදී තරුණයන් දෙදෙනා ගමන්කරමින් සිටි යතුරුපැදිය වැන් රථයේ ගැටීමට සලස්වා ඇති අතර අනතුරුව වෑන් රථයෙන් බැසගත් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් තිබුණා.
වෙඩි ප්‍රහාරය අසල වූ සීසීටීවී කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.
ටී-56 වර්ගයේ ගිනි අවියකින් හා පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර තිබූ අතර වෙඩි ප්‍රහාරයෙන් අදාළ තරුණයන් දෙදෙනා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වුණා.
වෙඩික්කරුවන් පැමිණි වෑන් රථය ඝාතනය වූ ස්ථානයට මීටර 800ක් පමණ දුරින් වූ අතුරු මාර්ගය ගිනිතබා තිබියදී පොලිසිය විසින් පසුව සොයාගනු ලැබුවා.
එහි තිබී ටී-56 ගිනිඅවිය සඳහා යොදාගන්නා මැගසින් එකක් ද හමුවි තිබුණා.
එමෙන්ම වෙඩි ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ තිබී ටී-56 උණ්ඩ කොපු 39 හා මිලිමීටර 9 වර්ගයේ උණ්ඩ කොපු දෙකක් පොලිසිය සොයාගත්තා.
ඝාතනයට ලක් වූ යොමේෂ් මීට පෙර අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිසිය විසින් අත්අඩංගුවටගත් අයෙක් බවයි පොලිසිය පැවසුවේ.
එමෙන්ම පසුගිය වසරේ අවසන්භාගයේදී ඉන්දියාවේදී හෙරොයින් කිලෝග්‍රෑම් 400ක් සමග අත්අඩංගුවට ගත් ධීවර යාත්‍රාවේ ස්කිපර්වරයා ලෙස කටයුතු කර ඇත්තේද ඔහුගේ මාමා කෙනෙකු බවයි වාර්තාවන්නේ.
ඒ අනුව දෙහිගෙදර රංග නැමැත්තා සැකකර ඇත්තේ, තමන්ගේ පාර්ශ්වය විසින් දෙවුන්දර ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම අදාළ පාර්ශ්වය සියතට ගැනීමට උත්සාහ දරන බවයි.
ඝාතනයට ලක් වූ යොමේෂ්ට පසුගිය කාලයේම දෙහි රංග නැමැත්තා විසින් දුරකතන ඇමතුම් ලබාදී මරණ තර්ජන කර ඇති බවත් පොලිසිය සඳහන් කළා
ඔහුට එල්ල වූ තර්ජන කිසිවක් නොතකා ප්‍රතිවිරුද්ධ පාර්ශවයත් සමග ගැටුම් ඇතිකර ගෙන ඇති බවයි වාර්තාවන්නේ.
ඒ අනුව දෙහි රංග නැමැත්තාගේ මෙහෙයවීම යටතේ අදාළ ඝාතන සිදුකර ඇති බවට පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.
යොමේෂ් සමග යතුරුපැදියේ පසුපස අසුනේ පැමිණි පසිඳු හට කිසිඳු චෝදනාවක් නොමැති ප්‍රදේශයේ සාමකාමීව ජීවත් වූ තරුණයෙකු බවයි පොලිසිය සඳහන් කළේ.
මේ අතර වෙඩි තැබිම සිදුවු ස්ථානයේ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර අතිරේක මහෙස්ත්‍රාත් මාලන් ශිරාන් ජයසුරිය මහතා අද අලුයම සිදුකළා.
ඝාතනය සිදු වී පැය කිහිපයක් තුළ කාන්තාවක් හා ව්‍යාපාරිකයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අතර ඝාතනය සඳහා කොන්ත්‍රාත්තුව ලබාගත් පුද්ගලයාගේ බිරිය ද සිටින බවයි වාර්තාවන්නේ.
සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත සිල්වා මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මකයි.