මිල්ලනිය, කැන්නන්තුඩාව ප්‍රදේශයේ නිවසක් තුළ 58 හැවිරිදි කාන්තාවක් මි#යගොස් සිටියදී හමුවීමේ සිද්ධිය, සැලසුම් සහගතව සිදුකළ ඝා#තනයත් බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවලින් තහවුරු වී තිබෙනවා.
ගෙල සි#රකිරිමකින් මෙම ඝා#තනය සිදුකර ඇති අතර මෙලෙස ඝා#තනයට ලක්ව ඇත්තේ පල්ලියවත්තගේ සුදම්මි නැමැති විවාහක කාන්තාවක්.
ඉකුත් 11 වනදා අදාළ කාන්තාව නිවසේ මි#යගොස් සිටින බවට අසල්වාසීන් විසින් මිල්ලනිය පොලිසියට දැනුම් දී තිබුණා.
පොලිසිය එම ස්ථානයට යන විට සිරුර ඇඳ මත තිබූ අතර, බැලූ බැල්මට කිසිදු සැකයක් මතු නොවන ආකාරයෙන් සිරුර ඇද මත පෙනෙන්නට තිබී තිබෙනවා.
කෙසේ වෙතත්, පසුදින හොරණ දිස්ත්‍රික් රෝහලේදී හදිසි ම#රණ පරීක්ෂක සුමේධ ගුණවර්ධන මහතා විසින් සිරුර පරීක්ෂා කිරීමේදී ගෙල ප්‍රදේශයේ තිබූ සියුම් තැලුම් සලකුණක් හේතුවෙන් මෙය සැක සහිත ම#රණයක් බවට නිගමනය කළා.
ඒ අනුව හොරණ මහේස්ත්‍රාත් ලක්මිණී විධානගමගේ මහත්මියගේ සහ අධිකරණ වෛද්‍ය නිලධාරී සඳකැන් වඩුගේ මහතාගේ සහභාගීත්වයෙන් සිදුකළ විධිමත් පරීක්ෂණයේදී අනාවරණය වූයේ නාසය, මුඛය සහ ගෙල ප්‍රදේශය තෙරපීමෙන් සිදුකළ ශ්වසන අවහිරතාවයක් හේතුවෙන් මෙම ම#රණය සිදුව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව, වාද්දුව ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පොල් කඩන්නෙකු මිල්ලනිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගැණුනා.
සැකකරු හොරණ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මිල්ලනිය පොලිස් ස්ථානාධිපති රුවන් ඉන්දික මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

