30 C
Colombo
Wednesday, December 10, 2025

ඉන්ධන මිල තවත් අඩුවෙයිද..? මිල පහත දැමුවත් ලාභ ලබන ඉන්ධන අලෙවිය

ඉන්ධන අලෙවියෙන් මේ වනවිට රජය ලාභ ලබන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්වීටර් සටහනක් තබමින් ඔහු එම ලාභය වෙන්වෙන්ව දක්වා තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 338.37ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 373.85ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 324.96ක්, සුපර් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 462.74ක් සහ භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 292.34 ක් ආදි වශයෙන් සමස්ත පිරිවැයක් දරන බවයි අමාත්‍ය සිය ට්වීටර් පණිවිඩයෙන් පෙන්වා දෙනවා.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකට රුපියල් 78.46ක, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකට රුපියල් 100.90ක, ඔටෝ ඩීසල් ලීටරයකට රුපියල් 53.40ක, සුපර් ඩීසල් ලීටරයකට රුපියල් 84.40ක හා භූමිතෙල් ලීටරයකට රුපියල් 3.65 ක බද්දක් ද පැනවෙන බව අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

සියල්ල අවසානයේ රජය ලබන ලාභය ලෙස අමාත්‍යවරයා දක්වන්නේ පෙට්‍රල් 92 ලීටරයකින් රුපියල් 1.63ක් හා ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 1.15ක්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයකින් ශත 4ක්, සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 2.26ක් සහ භූමිතෙල් ලීටරයකින් රුපියල් 2.66ක් ලාභ ලබන බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles