29.5 C
Colombo
Friday, May 15, 2026

කළු ගඟේ ජල මට්ටම ඉහළට: ප්‍රදේශ කිහිපයකට ගංවතුර අනතුරු ඇඟවීමක්

කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ උප දෝණිය ආශ්‍රිත ප්‍රදේශවලට ඉදිරි පැය 48ක කාලය සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අද (15) පෙරවරු 8ට නිකුත් කර තිබෙනවා.

කුඩා ගඟ උප දෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බැවින් බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශ මෙලෙස සුළු ගංවතුර තත්ත්වයකට මුහුණ දීමේ අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂයෙන්ම මෙම ගංගා දෙක අවට ඇති පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ දැඩි හැකියාවක් පවතින බැවින්, එම ප්‍රදේශවල පදිංචිකරුවන් සහ රියදුරන් දැඩි සැලකිල්ලෙන් පසුවිය යුතුය. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා ආපදා කළමනාකරණ අංශ දැනුවත් කිරීමටද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles