27.2 C
Colombo
Wednesday, December 10, 2025

කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේනවා.

 කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (03) පෙරවරු 09.30 සිට හෙට පෙරවරු 09.30 තෙක් එම නිවේදනය වලංගු බවයි.

ත්‍රිකුණාමලය සිට කන්කසන්තුරය, මන්නාරම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා සැලකිලිමත් වන්නැයි දැනුම් දී තිබේනවා

එම මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 60-70 දක්වා වැඩි විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

මීට අමතරව පුත්තලම සිය කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50-60 දක්වා වැඩි විය හැකියි.

එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීම අවදානම් බැවින් ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටීනවා.

මේ අතර,ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 04ක් සඳහා නිකුත් කළ නායයෑම් අනතුරු ඇඟවීම් තවදුරටත් වලංගු වන බව බවයි.

නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික් සඳහායි.

කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ, කුරුවිට සහ රත්නපුර ප්‍රදේශවලටත් අනතුරු ඇඟවීමේ මට්ටම 2 යටතේ අවදානයෙන් සිටින්නැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ඉල්ලීම් කර තිබෙනවා.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නාගොඩ සහ ඇල්පිටිය ප්‍රදේශවලටත් කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, පාලින්දනුවර, ඉංගිරිය සහ වලල්ලාවිට ප්‍රදේශවලටත් කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට සහ රුවන්වැල්ල ප්‍රදේශවලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, කිරිඇල්ල සහ අයගම ප්‍රදේශවලටත් මෙලෙස නායයෑම් අනතුරු ඇඟවීමේ මට්ටම 1 නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ අනුව  එම ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන්නැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles