26.1 C
Colombo
Thursday, May 14, 2026

ගණේමුල්ල සංජීව ඝාතනයේ ‘අවි සැපයුම්කරු’ දැලේ – ගම්පහදී කොටු වූ ‘ඔස්මන්ඩ්’ පාතාලයේ මහා ඝාතනයක සුලමුල හෙළිවෙයි

සංවිධානාත්මක අප#රාධකරුවෙකු වූ ‘ගණේමුල්ල සංජීව’ අධිකරණ ශාලාව තුළදී වෙ#ඩි තබා ඝාත#නය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දීම සහ ඒ සඳහා ගි#නි අවි සැපයීමේ චෝදනාව මත ‘ගම්පහ ඔස්මන්ඩ්’ නමැති සැකකරු කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (13) රාත්‍රියේ ගම්පහ, ශ්‍රී බෝධි පාර ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර තිබේ.

2025 පෙබරවාරි 19 වන දින කොළඹ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණ ශාලාව තුළදී නීතිඥවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු විසින් ගණේමුල්ල සංජීවව වෙ#ඩි තබා ඝා#තනය කරන ලදී.

දැනට රැඳවුම් නියෝග මත සිටින සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරු මත මෙම 69 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ එක්ව මෙම ඝා#තන සැලසුම දියත් කර ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය ගිනි අවි සැපයීම මොහු විසින් සිදුකර ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී විදේශීය නිෂ්පාදිත රීපීටර් (Repeater) වර්ගයේ ගිනි අ#වියක්, ජීව පත#රොම් 10ක් සහ ප#තරොම් ගැබ් (Magazines) 02ක් පොලිසිය භාරයට ගෙන ඇත.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles