27.2 C
Colombo
Wednesday, January 28, 2026

ලෝකයේ නවතම මගී ගුවන් යානයක් පළමු වතාවට කටුනායක ගුවන් තොටුපළ

සිංගප්පූරු ගුවන් සේවයට අයත් බෝයිං 787 – 10 වර්ගයේ මෙම  ගුවන් යානය සිංගප්පූරු ගුවන් සේවයට මෙන්ම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි පළමු අවස්ථාව මෙය බවයි සිංගප්පූරු ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිත එයිට්කන් ස්පෙන්ස් සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ වසන්ත කුඩාලියනගේ මහතා පැවසුවේ.

ඇමෙරිකාවේ බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම ඩ්‍රීම්ලයිනර් ගුවන් යානා කාණ්ඩය යටතේ අලුතෙන්ම නිෂ්පාදනය කර ඇති මෙම ගුවන් යානය පුළුල් බද සහිත එකවර ගුවන් මගීන් 337 දෙනෙකුට ගමන් කළ හැකි ආකාරයට නිපදවා තිබේනවා.

රෝල්ස් රොයිස් වර්ගයේ ඇන්ජින් දෙකකින් බල ගැන්වෙන මෙම ගුවන් යානය තුළ පළමු පංතියේ ආසන 36 ක් සහ පිරිමැසුම්දායක පංතියේ ( Economy ) ආසන 301 කින් සමන්විතයි.

මෙම ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ තුළ ගොඩ බැස්සවීම සදහා ධාවන පථයේ සහ ගුවන් යානා නැවතුම් අංගනයේ විශේෂ පහසුකම් පුළුල් කිරීමට ද ගුවන් තොටුපළ පියවර ගෙන තිබුණා.

මෙයට පෙර සිංගප්පූරු ගුවන් සේවය විසින් ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර ගුවන් ගමන් සදහා යොදවා තිබුණේ ඒ- 359 – 900 එයා බස් වර්ගයේ ගුවන් යානයක්.

එම ගුවන් යානයට වඩා වැඩි ගුවන් මගීන් පිරිසක් සහ වැඩි ගුවන් භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන ඒමට අවශ්‍යතාවයක් මතු වී ඇති බැවින් මෙම ඩ්‍රීම්ලයිනර් බෝයිං  787 – 10 නවීනතම සහ විශාලතම මගී ගුවන් යානය යොදවා ගැනීමට සිංගප්පූරු ගුවන් සේවය තීරණය කර ඇති බවයි වසන්ත කුඩාලියනගේ මහතා පැවසුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles