24.5 C
Colombo
Thursday, December 11, 2025

සරුංගල් යැවූ දරුවන් 🪁දෙදෙනෙකුට විදුලි සැර🪁 වදී

සරුංගල් යවමින් සිටි අවුරුදු 12 සහ 13 යන වයස්වල පසුවන පාසල් සිසුන් දෙදෙනෙකු විදුලිසැර වැදී බරපතල පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

බණ්ඩාරගම -අටලුගම ප්‍රදේශයේ පදිංචි සිසුන් දෙදෙනෙකු මෙලෙස තුවාල ලබා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක් දරුවෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම දරුවන් දෙදෙනා සරුංගලයක් යැවීමට ගොස් මාර්ගයේ ඉහලින් ගමන් ගන්නා අධිබලැති විදුලි රැහැනක රැදීම හේතුවෙන් එම සරුංගලය ලබා ගැනීම සඳහා එක් දරුවෙකු පදිංචි නිවසේ දෙමහල් නිවස සහිත ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් වහලයට නැග තිබෙනවා.

පසුව ඇලුමිනියම් පටියක ආධාරයෙන් එය ගැනීමට උත්සහ කිරීමේදී අධිබලැති විදුලි රැහැනෙන් විදුලිසැර වැදී ඇති බවයි මූලික විමර්ශනවලදී හෙලිව ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles