25 C
Colombo
Wednesday, January 28, 2026

කුඹුරු පිටින් අග්බෝට ගම්මුන් කෑම ගෙනත්

ඉදිරිපස වම් පාදයට දඩයක් කරුවෙකු විසින් අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් බරපතල තුවාල ලබා සිටින අගිබෝ හස්තියාට ප්‍රතිකාර කිරිම ආරම්භ කර මෙවන විට මාස තුනක් පමණ වනවා.

ටිකෙන් ටික සුව අතට පත්වන අග්බෝ හස්තියාගේ පෝෂණය සඳහා තම අස්වැන්න ලබා දෙන ගොවි මහතුන් නැවත වරක් ආහාර රැගෙන පැමිණියා.

මෙවන විට තිරප්පනය, වන්නම්මඩුව වැව් පිටිය ප්‍රදේශයේ සැරි සරන අග්බෝ තාමාට ආහාර රැගෙන විත් බව දැනගත් විගස ආහාර ලබාගැනිමට පැමිණි ආකාරය කාගෙත් අවධානයට ලක්වුණා.

ඉපලෝගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අස්වැද්දුම ගම්මානයේ ජීවත්වන ශාන්ත බණ්ඩාර ගොවිමහතා ඇතුළු ධාතුසේන ගොවි සංවිධානයේ ගොවී නියෝජිතයින් විසිනුයි මෙවර යල කන්නයේ වගා කළ වී ගොයමෙන් කොටසක් කපා මෙලෙස අග්බෝ හස්තියාට ලබා දිම සිදු කරන්නේ.

අග්බෝ හස්තියාට ආහාර පිණිස ගොයම් එක්කාසූ කිරීම ධාතුසේන ගොවි සංවිධානයේ නියෝජිතයින් මෙන්ම, එම ගම්මානයේ කාන්තා ගොවි සංවිධාන නියෝජිතයින්ද කටයුතු කර තිබෙනවා.

අනතුරුව අග්බෝ හස්තියාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් හා අග්බෝ හස්තියාට ප්‍රථිකාර සිදු කරන වන වනජීවී නිළධාරීන්ට ආශිර්වාද කරමින් එම ස්ථානයට වැඩම කර සිටි මහා සංඝරත්නය විසින් සෙත් පිරිත් සජ්ජායනයක් සිදු කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles