28 C
Colombo
Wednesday, December 10, 2025

සිය දික්කසාද බිරිඳ ඝා@තනය කළ ලාංකිකයා

47 හැවිරිදි දිනුෂ් කුරේරා නම් ශ්‍රී ලාංකිකයා 2022 දෙසැම්බර් 3 වන දින 43 හැවිරිදි දික්කසාද බිරිඳවු නෙලෝමි පෙරේරා ඝාතනය කර තිබුණේ මෙල්බර්න් තදාසන්න ප්‍රදේශයේ සැන්ඩ්හර්ස්ට් හිදියි.

තම දික්කසාද බිරිඳ කපා කොටා ඝාතනය කළ බව පිළිගත් නමුත් ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කළ බව පවසමින් මිනීමැරුම් චෝදනාවට වරද පිළිගෙන තිබුණේ නැහැ.

ඔහුගේ දික්කසාද බිරිඳ නෙලෝමි පෙරේරාගේ මරණය සම්බන්ධයෙන් ඔහු මාසයක නඩු විභාගයකට මුහුණ දුන්නා.

වික්ටෝරියානු ශ්‍රේෂ්ඨාධිකරණ ජූරි සභාව පසුගිය සිකුරාදා මිනීමැරුම් චෝදනාවට 47 හැවිරිදි දිනුෂ් කුරේරාගෙන් පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන්කරගෙන තිබෙනවා.

ඔහු සිය නඩු විභාගය අතරතුරදී මෙල්බර්න් හි ඔවුන්ගේ නිවසේ ඇති වූ ආරවුලකදී නලෝමි තමාට පිහියක් පෙන්වා තර්ජනය කර ඇඟිල්ල සපා කෑ බව ජූරි සභාවට පවසා සිටියා.

43 හැවිරිදි නෙලෝමි තුවාල 35ක් සමඟ ලේ විලක් මැද මියගොස් සිටි බව අභිචෝදකයින් ජූරි සභාවට පවසා සිටියා.

ඝාතනයෙන් පසු නිවසින් පලා යාමට ඔහුූ උත්සාහ කිරීමේදී පොරවකින් පහර දී තම 17 හැවිරිදි පුතාට පහර දීමේ චෝදනාව කුරේරා ප්‍රතික්ෂේප කර සිටියා..

කුරේරාගේ සහ නෙලෝමිගේ නව යොවුන් වියේ පසු වූ පුතා සහ දියණිය එම අපරාධය සිදුවන විට නිවසේ සිට ඇති අතර මේ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සිදුකරනු ලැබුවා.

තම මව මිය යන විට 16 හැවිරිදි වියේ පසුවූ දැරිය, තම පියා මවට පිහියකින් සහ පොරවකින් කිහිප වතාවක්ම පහර දෙන බව තමා දුටු බව පැවසූ අතර, පිරිමි දරුවා පැවසුවේ පියා තමාට පහර දුන් බවයි.

ඔහුගේ පුතාට පහරදීම සම්බන්ධයෙන් කුරේරා වැරදිකරු බව ජූරි සභාව පිළිගෙන තිබෙනවා.

ඒ අනුව ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කළ බවට පාපොච්ඡාරණය කළත් මිනීමැරුම් චෝදනාවට ඔහු වරදකරු බව ඔස්ට්‍රේලියානු අධිකරණය තීන්දු කර තිබෙනවා.

තීන්දුව දෙන විට කුරේරා ඇසිපිය නොහෙළා කෙලින් බලා සිට ඇති අතර ඔහුට අදාළ දඩුවම් පසුව නියම කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles