30 C
Colombo
Wednesday, December 10, 2025

වාණිජ පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකාරියක් ත්‍රිකුණාමලයේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව කුච්චවේලී පොලීසිය හා එක්ව ත්‍රිකුණාමලය, කුච්චවේලී කසීම්නගර් ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකක‍ටයුතු නිවසක් පරීක්ෂා කිරීමේදී එහි සූක්ෂම ලෙස සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරු පනස් හතරක් (54) සහ විදුලි නොවන ඩෙටනේටර් පනහක් (50) සොයාගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

පුපුරණ ද්‍රව්‍ය භාවිතයෙන් සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කර්මාන්තය හේතුවෙන් සාගරික පරිසර පද්ධතියට සිදුවන හානිය වැළැක්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් පසුවෙමින් සෝදසි මෙහෙයුම් සිදු කරනු ලබනවා.

ඒ අනුව, නැගෙනහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා වළගම්බා ආයතනයේ නාවිකයින් සහ කුච්චවේලී පොලීසියේ නිලධාරීන් එක්ව ත්‍රිකුණාමලය කුච්චවේලී කසීම්නගර් ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, සැකක‍ටයුතු නිවස පරීක්ෂා කර ඇත්තේ.

නීති විරෝධී ලෙස පුපුරණද්‍රව්‍ය භාවිතයෙන් සිදුකරනු ලබන ධීවර කටයුතු සදහා යොදාගැනීමට මෙම වාණිජ පුපුරණද්‍රව්‍ය තොගය මෙලෙස සූක්ෂම ලෙස සඟවා තබන්නට ඇතැයි සැක කරන බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 21 ක් වන කුච්චවේලී කසීම්නගර් ප්‍රදේශයේ පදිංචිකාරියක බවට හඳුනාගෙන තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles