28.4 C
Colombo
Tuesday, January 27, 2026

ලක් අම්මා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් CID අත්අඩංගුවට

විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට බාර වීමට පැමිණියා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔවුන්ට එරෙහිව විමර්ශනයක් ද සිදුකෙරෙන පසුබිමකයි.
ඔවුන් දෙදෙනාට ඉකුත් (02) වැනි දා ආගමන හා විගමන පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය කටයුතු කර තිබුණා.
එම යුවල අධිකරණය මඟහරිමින් සැඟව සිටින බවටද පසුගියදා වාර්තා වුණා.
පසුව අධිකරණයෙන් පිටතට පැමිණ මාධ්‍යයට අදහස් දක්වමින් සිටි රංගන ශිල්පිනී දමිතා අබේරත්නව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුව ගනු ලැබුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles