30.6 C
Colombo
Wednesday, January 28, 2026

මහනුවරම හෙල්ලු කෙල්ලන්ගේ ක්‍රිකට්

මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලික විද්‍යාලය අතර ප්‍රථම වරට පැවති ක්‍රිකට් තරඟය පැවැත්වුණේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

ඉසිරී මීගම්මනගේ නායකත්වයෙන් යුතු මහනුවර මහමායා කණ්ඩායම පිටියට පිවිසි අතර ශලනි දසනායකගේ  කටුගස්තොට සාන්ත අන්තෝනි කණ්ඩායමට නායකත්වය ලබා දුන්නා.

මෙහිදී පළමුව පන්දුවට පහරදුන් කටුගස්තොට සාන්ත අන්තෝනි බාලිකාවන් කඩුලු7ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 167ක්.

ඩියෝනි නිර්මලා ලකුණු 27ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී කේ.එම්.ශානිල්කා ලකුණු 38කට කඩුලු 3ක් බිඳ හෙළුවා.

ජයග්‍රාහි ඉලක්කය හඹා ගිය මහමායා බාලිකා විද්‍යාලයේ ක්‍රීඩිකාවන් කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 168ක් ලබා ගැනිමට සමත්වුණා.

මහමායා කණ්ඩායමේ ජයග්‍රාහී මාවත විවර කළ ඉසිරී උමයන්ගනා ලකුණු 69ක් රැස්කළා. ඒ අනුව තරගය කඩුලු 4කින් ජය ගන්නට මහමායා ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles