31 C
Colombo
Wednesday, January 28, 2026

ශ්‍රී ලංකා – පාකිස්ථාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයට පෙර නායකයින් දෙදෙනා පැමිණි මාධ්‍ය හමුව

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වීමට නියමිතව තිබෙනවා.
ඒ, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දීයි.
එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිමුත් කරුණාරත්න හට හිමිව ඇති අතර පාකිස්ථානු කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ බාබර් අසම් විසින්.
පාකිස්ථාන කණ්ඩායමට වසරකට පසුව ශාහීන් ශා අෆ්රිඩි සංචිතයට කැඳවා තිබීමත් විශේෂත්වයක්.
මොහොමඩ් හරෙයිරා සහ ආමර් ජමාල් යන නවක ක්‍රීඩකයින් සංචිතයට එක් කර තිබෙනවා.
අද ආරම්භ වන මෙම තරගය ප්‍රේක්ෂකයන්ට නොමිලේ නැරඹීමට අවස්ථාවක් ලබා දීමටයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා ඇත්තේ.
‍මෙම තරගාවලියට ‌ටෙස්ට් තරග දෙකක් ඇතුළත්.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles