30 C
Colombo
Wednesday, December 10, 2025

පරාජයට හේතු කියන වෙල්ලාලගේ

2023 ආසියානු කුසලාන තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ 10 වන තරගය ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර තරගය පැවැත්ලවුණේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී.
තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය නායක රෝහිත් ශර්මා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව රෝහිත් ශර්මා සහ ශුබ්මන් ගිල් ඉන්දීය ඉනිම ආරම්භ කරමින් පළමු කඩුල්ලට ලකුණු 80ක සබදතාවක් ගොඩනැගුවා.
ඉන්දීයාව සතුව තිබු වාසිය ශ්‍රී ලංකාවට වෙතට ලබා දෙන්නට දුනිත් වෙල්ලාලගේට හැකියාව ලැබුණා.

ශුබ්මන් ගිල් ලකුණු 19කට දැවී යද්දී ආර්.ප්‍රේමදාස පිටියේදී සිය අවසන් ඉනිම් හතරේදී ශතක වාර්තා කර තිබුණු විරාත් කෝලිගේ ඉනිම 4කට සීමා වුණා.
එක්දින ලකුණු 10,000සේ සීමාව පසු කළ රෝහිත් ශර්මා ලකුණු 53කට දැවී ගියා.
අනතුරුව සිව්වැනි කඩුල්ලට යළි ලකුණු 63ක සබදතාවක් එක්කරන්නට ලොකේෂ් රාහුල්ට සහ ඉෂාන් කිශාන්ට හැකියාව ලැබුණා.
එම සබදතාවට ද වෙල්ලාලගේ තිත තැබුවේ රාහුල් ලකුණු 39කට දවා ගනිමින්. ඉෂාන් කිශාන් ලකුණු 33ක් රැස්කළා.
දුනිත් වෙල්ලාලගේට සිය කුළුදුල් එක්දින කඩුලු පහ හිමිකර දෙමින් හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 5කට දැවී ගියා.
ඒ අනුව ඉන්දිය කණ්ඩායමට පන්දුවාර 49යි එක් පන්දුවකදී සියල්ලන් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 213ක් පමණයි.
මේ සමඟ එක්දින තරගයකදී අඛණ්ඩව ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු දහයම දවාගැනීමේ ලෝක වාර්ථාව තවත් එක් පියවරකින් ඉදිරියට රැගෙන යන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණු අතර ඔවුන් මේ වන විට තරග 14කදී අඛණ්ඩව ප්‍රතිවාදීන්ගේ කඩුලු දහය දවාගෙන තිබෙනවා.
සුපිරි පන්දු යැවීමක නිරත වු දුනිත් වෙල්ලාලගේ ලකුණු 40කට කඩුලු 5ක් බිද දැමුවා.
මීට අමතරව චරිත් අසලංක ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ආරම්භ කළ දිමුත් කරුණාරත්නට සහ පැතුම් නිස්සංකට ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දෙන්නට හැකි නොවු අතර පැතුම් ලකුණු 6කට දැවී යද්දී, දිමුත්ගේ ඉනිම ලකුණු 2කට සීමා වුණා.
කුසල් මෙන්ඩිස් ලබා ගත්තේ ලකුණු 15ක් පමණයි.
අනතුරු ලකුණු 43ක සබඳතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමට යම් බලාපොරොත්තුවක් එක්කරන්නට සධීර සමරවික්‍රම සහ චරිත් අසලංක සමත් වුණා.
එම සබඳතාව බිඳවැටුණේ සධීර ලකුණු 17කට සහ අසලංක ලකුණු 22කට දැවී යෑමත් සමඟයි.
නායක දසුන් ශානක රැස්කළේ ලකුණු 9ක් පමණයි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු ඕවර 41 පන්දු 3 දී සියලු දෙනාම දැවී ලබා ගත හැකි වුයේ ලකුණු 172 පමණයි.
ඒ අනුව අද තරගයෙන් ඉන්දියාව ශ්‍රී ලංකාව පරදා ලකුණු 41 ජයක් ලැබුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]

Latest Articles