24.5 C
Colombo
Wednesday, May 13, 2026

🇨🇳🛡️🇺🇸දැඩි ආරක්ෂාවක් යටතේ චීනයට ගිය ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පිලිගත් හැටි🤝💥💰

ලෝක ආර්ථිකයේ සහ දේශපාලනයේ මග සලකුණු තීරණය කරන තීරණාත්මක රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් ආරම්භ කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අද (13) චීනයේ බීජිං නුවරට පැමිණියා.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ විශේෂ ආරාධනයකට අනුව සිදුවන මෙම සංචාරය ලබන 15 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

බීජිං ගුවන්තොටුපළ වෙත පැමිණි අමෙරිකානු ජනාධිපතිවරයා චීන උප ජනාධිපති හෑන් ෂෙන්ග් (Han Zheng) මහතා විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර, ට්‍රම්ප් මහතා වෙනුවෙන් ඉහළ පෙළේ රාජ්‍ය පිළිගැනීමක් ද සංවිධානය කර තිබුණා.

දෙරට අතර පවතින සංකීර්ණ වෙළෙඳ සබඳතා, කලාපීය ආරක්ෂාව සහ ජාත්‍යන්තර දේශපාලන අර්බුද සම්බන්ධයෙන් නායකයින් දෙපළ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

විදෙස් විචාරකයින් පවසන්නේ මෙම හමුව අමෙරිකා – චීන සබඳතාවල තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති බවයි.

https://web.facebook.com/reel/957260467114800

https://web.facebook.com/reel/957260467114800

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles