මුළු මහත් ලෝකයේම අවධානය දිනාගත් විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර මීට ස්වල්ප වේලාවකට පෙර ආරම්භ වුණා.
චීනයේ බීජිං නුවර පිහිටි ‘ග්‍රේට් හෝල් ඔෆ් ද පීපල්’ (Great Hall of the People) මන්දිරයේදී මෙම ඓතිහාසික හමුව පැවැත්වෙනවා.
ලෝකයේ බලවත්ම රාජ්‍යයන් දෙකෙහි නායකයන් මුහුණට මුහුණ හමුවන මෙම සාකච්ඡාව හරහා දෙරට අතර පවතින ආර්ථික සහ දේශපාලනික සබඳතාවල නව හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරනු ඇතැයි දේශපාලන විචාරකයෝ අපේක්ෂා කරනවා.
විශේෂයෙන්ම වෙළෙඳ ගිවිසුම් සහ කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් මෙහිදී තීරණාත්මක එකඟතාවන්ට පැමිණීමට නියමිතයි.

