26.7 C
Colombo
Wednesday, December 10, 2025

ඩයනා කුමරියට සිදුවු රිය අනතුර අනතුරක්මද..?

වත්මන් බ්‍රිතාන්‍ය III චාල්ස් රජුගේ ආදරණීය පළමු බිරිඳ සහ විලියම් මෙන්ම හැරී කුමරුන්ගේ මව වන ඩයනා කුමරිය වයස අවුරුදු 36 දී දරුණු රිය අනතුරකින් ඛේදජනක ලෙස මිය ගියා.
අතිශය ජනාදරයට පාත්‍ර වූ වේල්සයේ කුමරිය ඩයනා රිය අනතුරකින් මරණයට පත්වූයේ 1997 වසරේ අගෝස්තු මස 31 වැනිදායි.
ඇයගේ අභාවයෙන් වසර 27කට පසුව තමන් ඩයනා කුමරියගේ පුනරුප්පත්තිය බවට පවසන 8 හැවිරිදි දරුවෙක් සම්බන්ධව පුවතක් වාර්තා වනවා.
ඔස්ට්‍රේලියාවේ ඇඩ්ලේඩ් හි ජීවත්වන බිලී කැම්බල් තමන් ඩයනා කුමරියගේ යළි උපත බවට පළමුව පවසා තිබුණේ ඔහුට යන්තම් වයස අවුරුදු දෙකක් සපිරි කාලයේදීයි.
බිලීගේ මව්පියන් පළමුව මේ පුවත නොතකා හැරියත්, පසුව ඔවුන් ඒ ගැන අවධානය යොමුකර තිබුණේ ඔහු ස්කොට්ලන්තයේ පිහිටි රාජකීය පවුලට අයත් බැල්මරෝල් මන්දිරය සම්බන්ධව කළ ඇතැම් ප්‍රකාශවලින් පසුවයි.
ඔහුගේ ප්‍රකාශයන් බොහෝ දෙනා මවිතයට පත් කර ඇති අතර, විශේෂයෙන් ඔහු ඩයනාගේ ජීවිතය පිළිබඳ නිශ්චිත තොරතුරු රැසක් සඳහන් කරනවා
එය මවිතයට පත්වන්නේ ඔහුගේ වයසේ දරුවෙකුට එම තොරතුරු සොයාගත නොහැකි විමයි.
එමෙන්ම ඩයනා කුමරියගේ ළදරු වියේදී මියගිය ප්‍රසිද්ධ සහෝදරයෙකු වන ජෝන් නම් සහෝදරයෙකු සම්බන්ධයෙන් ඔහු සඳහන් කර තිබෙනවා.
ඔහුගේ ප්‍රකාශ අතර මවිතයට පත්වන්නේ 1997 අගෝස්තු 31 වන දින පැරිසියේදී ඩයනාගේ ජීවිතය බිලිගත් රිය අනතුර පිළිබඳ බිලීගේ විස්තර කිරිමයි.
කෙසේ නමුත් බිලීගේ මෙම ප්‍රකාශ සම්බන්ධව විවිධ පාර්ශව දරන්නේ වඩාත් සැකමුසු මතයක්.
කෙසේ වෙතත්, ඩේවිඩ් සහ ඔහුගේ බිරිඳ ලීසා අවධාරනය කරන්නේ ඔවුන් තම දරුවන් වටා ඩයනාගේ ජීවිතය ගැන එතරම් විස්තරාත්මකව සාකච්ඡා නොකළ බවයි.

වර්ජිනියා විශ්ව විද්‍යාලයේ මනෝචිකිත්සාව සහ ස්නායු හැසිරීම් විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ආචාර්ය ජිම් ටකර්, අතීත ජීවිත මතක තබා ගන්නා බව කියන දරුවන්ගේ සිද්ධීන් අධ්‍යයනය කර තිබෙනවා.
ඔහු පවසන්නේ ළමුන් තුළ අතීත ජීවිත මතකයන් පිළිබඳ සංසිද්ධිය සම්පූර්ණයෙන්ම අලුත් දෙයක් නොවන බවයි.
ඔහුගේ පර්යේෂණවලින් , සාමාන්‍යයෙන් වයස අවුරුදු දෙකත් හයත් අතර සමහර දරුවන්, පෙර අත්මයේ සිදුවීම් සහ පුද්ගලයන් පිළිබඳ දැනුම ප්‍රදර්ශනය කර ඇති බව පවසනවා.
වෛද්‍ය ටකර්ගේ කෘතීන් විසින් ළමුන් ඔවුන්ගේ අතීත ජීවිත පිළිබඳ සත්‍යාපනය කළ හැකි තොරතුරු ලබා දී ඇති අවස්ථා ගණනාවක් ලේඛනගත කර තිබනෙවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version