26.7 C
Colombo
Wednesday, December 10, 2025

වසර 41කට පසු ලද විවාහක ලෝක රූ රැජින ජය

2025 ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වුණේ අමෙරිකාවේ ලාස්වේගාස් හි දී.

40 වැනි වරටත් පැවැත්වුණු තරගාවලියට ලොව පුරා සුරූපිනියන් 70 දෙනෙකු සහභාගී වුණා.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊට එක්වුණේ, 2024 ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළු පැලඳි ඉෂාදි අමන්දායි.

එහිදි 2025 ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමට ඉෂාදි අමන්දා සමත්වුණා.

2025 ලෝක විවාහක රූ රැජින ලෙසින් කිරුළු පැලඳුවේ දකුණු අප්‍රිකාවේ Tshego Gaelae (චේගෝ ගේලා)යි.

තායිලන්තයේ Ploy Panperm(ප්ලොයි පැන්පර්ම්) තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනාගත්තා.

මින් පෙර මෙරටට ලෝක විවාහක රූ රැජින ජයක් හිමිකර දුන්නේ රෝසි සේනානායක මහත්මියයි.

ඒ, 1984 වසරේ පැවති ලෝක විවාහක රූ රැජින පළමු තරගාවලියේදීයි.

2020 වසරේ ලෝක විවාහක රූ රැජින කිරුළ දිනාගන්නට ශ්‍රී ලංකාවේ කැරොලයින් ජූරි ද සමත් වුවද එම ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙරටදී ඇතිවූ ගැටලුවක් මත කැරොලයින් සිය ජයග්‍රහණය ඉවත් කරගන්නා බව ප්‍රකාශ කළා.

පසුව 2020 ලෝක විවාහක රූ රැජින කිරුළ හිමිවූයේ අයර්ලන්තයේ කේට් ෂ්නයිඩර්ටයි.

ඒ අනුව විවාහක ලෝක රූ රැජින තරගාවලියක මුල්පෙළ ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට හිමිවන්නේ 1984න් පසු වසර 41කට පසුවයි. අනුශූරතාව දිනාගත් 34 හැවිරිදි ඉෂාදි අමන්දා එක්දරු මවක් වන අතර ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ උපාධිධාරිණියක් ද වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version