රාජපක්ෂ පවුලේ තවත් නඩුවක තීරණාත්මක හැරවුමක් යෝෂිතට එරෙහි නඩු විභාගය අද සිට ඇරඹේ

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවතින නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාව කොළඹ මහාධිකරණය අද (14) ප්‍රතික්ෂේප කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව එල්ල වී ඇති කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට ඉදිරිපත් කළ විරෝධතාව පදනම් විරහිත බවයි.

ඒ අනුව, අදාළ චෝදනාව පවත්වාගෙන යාමට කිසිදු බාධාවක් නොමැති බව විනිසුරුවරයා අවධාරණය කළා.

තීන්දුවෙන් අනතුරුව යෝෂිත රාජපක්ෂ මහතාට විවෘත අධිකරණයේදී චෝදනා පත්‍රය කියවා දෙනු ලැබූ අතර, තමන් එම චෝදනාවලට නිවැරදිකරු බව ඔහු විත්ති කූඩුවේ සිට ප්‍රකාශ කළා.

මේ සමඟම අදාළ නඩු විභාගයේ කටයුතු නිල වශයෙන් ආරම්භ විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version