සුනාමි තර්ජනයක්ද? ජපානයට බලපෑ 6.3 ක භූ කම්පනය

ජපානයේ උතුරුදිග තෝකු (Tohoku) කලාපයේ රික්ටර් මාපකයේ මැග්නිටියුඩ් 6.3 ක ප්‍රබලතාවයකින් යුත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කරන්නේ ජපාන වේලාවෙන් අද රාත්‍රී 8:22 ට පමණ මෙම කම්පනය වාර්තා වූ බවයි.

මියාගි ප්‍රාන්තයට ඔබ්බෙන් මුහුදේ කිලෝමීටර් 50 ක් ගැඹුරින් මෙහි කේන්ද්‍රය පිහිටා තිබූ අතර, ඉෂිනොමාකි, ටෝමේ සහ ඕසාකි යන නගරවලට මෙම කම්පනය ප්‍රබලව දැනී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම කම්පනය හේතුවෙන් මෙතෙක් සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති අතර ඉන් සුනාමි තර්ජනයක් නොමැති බවයි ජපාන බලධාරීන් තහවුරු කර සිටින්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version