දකුණු ඉන්දීය රූපවාහිනී නාලිකාවක Sa Re Ga Ma Pa Little Champ සංගීත වැඩසටහනක ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත් වූ කිල්මිශා උදයශීලන් දැරිය ඉන්දියාවේ සිට ගුවන් මගින් යාපනයේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණියා.
ඇයව පිළිගැනීම සදහා යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළට විශාල ජනකායක් පැමිණි අතර ඔවුන් සියළුම දෙනාට ගුවන්තොටුපොළට යාමට අවසර නොලැබී තිබුණා.
කිල්මිශා යාපනයේ පදිංචි 14 හැවිරිදි දැරියක් වන අතර විශාල රිය පෙරහැරකින් ඇයව යාපනය නගරය වෙත කැදවා ගෙන යාමට එම ජනතාව කටයුතු කලා.
මේ අවස්ථාවට ඇගේ දෙමව්පියන් හා ඥාතීන්ද සහභාගී වී සිටියා.