30 C
Colombo
Wednesday, December 10, 2025

චීවරධාරියාට වැරදුන කම්සැප

මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව ඇති චීවරධාරියෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු සම්බන්ධ සිදුවීමේදී කාන්තාවන්ට දෙදෙනාට පහරදීම සම්බන්ධයෙන් පුද්ගලයින් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරුවන්ට එල්ල වී ඇති චෝදනා වන්නේ පහර දී තුවාල සිදුකිරීම හා විහාරස්ථානයේ දේපළවලට අනර්ථය සිදු කිරීමයි.

පහරකෑමෙන් තුවාල ලැබූ චීවරධාරියා සහ එක් කාන්තාවක් ප්‍රතිකාර‌ සඳහා නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අනතුරුව ඔවුන් ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම ස්ථානයේ රැඳී සිටි අනෙක් කාන්තාව ආරක්ෂාව සඳහා පොලිසියට ඉදිරිපත් කර තිබෙනවා.

මෙම සිදුවීම වාර්තා වන්නේ නවගමුව – රාස්සපාන – ඉහළ බෝමිරිය ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයකින්.

පෙරේදා රාත්‍රියේ මෙම පහරදීම සිදුව ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් නවගමුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

අදාළ විඩියෝවේ සිටින චීවරධාරියාට හෝ කාන්තාවන්ට විරැද්ධව අපරාධ නීතියට අනුව පැවරිය හැකි නඩුවක් තිබෙද..?

සදාචාරාත්මක හා ශාසනය රැකිම පැත්තෙන් අතිශය වැරදි ක්‍රියවක් නමුත්..

පුද්ගලික අවකාශය තුළ සිදුවන එම නිරැවත් ක්‍රියා පටිගත කර පොදු අවකාශයට මුදා හරින අයට විරැද්ධව නීතිය ක්‍රියාත්මක කල හැකියි.

චීවරධාරියා මෙන්ම කාන්තාවන් දෙදෙනාට අඩත්තේට්ටම් කිරිමට විරැද්ධව සහ ලිංගිකමය වශයෙන් අපහසුතාවයට පත්කර එය පටිගත කර චේතනාන්විතව පොදු අවකාශයට මුදා හැරිමෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ ලිංගික අතවර වරදට වගඋත්තරකරුවන් වනු ඇති.

මෙම අසභ්‍ය ප්‍රකාශනය බෙදා හරින අයට විරැද්ධව අසභ්‍ය ප්‍රකාශන වැලැක්විමේ පනතද ක්‍රියාත්මක කල හැකියි. චීවරධාරියා විසින් මෙම ලිංගික ක්‍රියාවට 18ට වඩා අඩු දැරියකට හෝ දරැවෙකුට සිදු කලේ නම් පමණක් ඔහුට විරැද්ධව අපරාධ නීතිය අනුව ක්‍රියාත්මක කළ හැකියි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version