24.5 C
Colombo
Thursday, December 11, 2025

දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන අදත්..

දිවයින පුරා ඩෙංගු මර්දන වැඩසටහන අදත් (31) ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ , ප්‍රදේශ රැසක ඩෙංගු මදුරු ඝණත්වය තවදුරටත් ඉහළ අගයක පැවතීම හේතුවෙන් ය. 

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 75, 434 දෙනෙකු හඳුනා ගෙන ඇති බවයි.

එය පෙර වසරට සාපේක්ෂව දෙගුණයකටත් වඩා වැඩිවීමකි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, තම අවට පරිශ්‍රයන් මෙන්ම පොදු ස්ථානවල මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඉවත් කිරීමෙන් ඩෙංගු මදුරුවන් බෝවීම වළක්වා ගත හැකි බවයි.

ජනවාරි 02 වැනිදා පාසල් යළි ආරම්භ කිරීමට නියමිත බැවින් පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීම සඳහා ද විදුහල්පතිවරුන්ගේ මූලිකත්වයෙන් වැඩසටහන් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි. 
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version