30 C
Colombo
Wednesday, December 10, 2025

පොලිසිය තුළ යකා නටපු නීතිඥ නෝනා මෙන්න

පොල්ගස්ඕවිට සිට කොළඹ දෙසට පැමිණි මෝටර් රථයේ ටිපර් රථයක් ගැටි තිබුණේ පසුගිය ඔක්තෝම්බර් මාසයේ 07දිනයි.

කැස්බෑව නගරයේ මාර්ග සංඥා පද්ධතිය අසල ධාවනය වීමට නියමිත සංඥා ක්‍රියාත්මක වන තෙක් මෝටර් රථය  නවතා  තිබියදී  එම දිශාවටම ධාවනය වීමට පිටුපසින් පැමිණි ටිපර් රථය  රියදුරුගේ ග්‍රහණයෙන් මිදී මඳක් ඉදිරියට පැමිණ මෝටර් රථයේ පිටුපස ගැටී  මෙම අනතුර සිදුව තිබුණා.

එම අවස්ථාවේදී මෝටර් රථ රියදුරු සහ එහි සිටි කාන්තාවන් තිදෙනෙකු එක්ව ටිපර් රථ රියදුරට පහරදි තිබෙනවා.

අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින් අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ටිපර් රියදුරද ටිපර් රියදුරට පහරදීම සම්බන්ධයෙන් මෝටර් රථ රියදුරු ද අත්අඩංගුවට ගෙන පොලිස්  ස්ථානය වෙත රැගෙන ඒමට සූදානම් වීමේදී යතුරුපැදියකින් සැමියා සමග පැමිණ තිබූ නීතිඥවරියක් එම ස්ථානයේ කලහ කාරි ලෙස හැසිරි තිබුණා.

නීතිඥවරියක් යැයි කියමින් එලස පැමිණි කාන්තාව මෝටර් රථ රියදුරුගේ දියණියක් වන අතර ඇය එහිදි කියා සිටියේ “මම ලෝයර් කෙනෙක් තමුසෙ කොහොමද මගේ තාත්තව අරන් යන්නේ” යනුවෙන්.

පසුව පිරිස පොලිසියට රැගෙන ගිය අතර පොලිසිය තුලදිද අදාල නීතිඥවරිය කියු කාන්තාව අවේගශිලිව හැසිරෙන අයුරු දක්නට ලැබුණා.

අනතුරුව නීතිඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version