29 C
Colombo
Saturday, October 11, 2025

මවගේ 58වෙනි උපන්දිනයේදි මවට පහරදුන් නරුම පුතා

මොණරාගල දොඹගහවෙල හෙරලි ගස් යාය ප්‍රදේශයේ දී ආහාරය සදහා කොස් ගෙඩියක් කඩා ගත් මවකට එම මවගේ බාල පුත්‍රයා විසින් අමානුෂික ලෙස පහර දීමේ පුවතක් අපට වාර්තා වුණා.

එම පහරදීම නිසා අධික ලෙස රුධිර වහනය වූ මවට ප්‍රතිකාර කිරිම සඳහා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ප්‍රතිකාර ලබා ඇය රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.

පහරදීම සිදු කල සැකකාර පුත්‍රයා මේ වන විට ඔහුගේ බිරිද සහ දරුවාද සමගින් ප්‍රදේශයේන් පලාගොස් ඇති අතර මෙම පුත්‍රයාට මව සහ පියා විසින් ඉදිකල නිවස සහ ඉඩම ද ලබා දී එම මව්පියන් කුඩා නිවසක් ඉදිකිර එම නිවසේ ජීවත්ව සිට තිබුණා.

රාත්‍රී ආහාරය වෙනුවෙන් ඉඩම ආසන්නයේ ඇති කොස් ගසකින් ගෙඩියක් කඩා ගැනීමට උරණ වූ මෙම පුත්‍රයා විසින් මවට පහර දී තිබෙනවා.

මෙම මවට දරුවන් තිදෙනකු සිටින අතර මෙලෙස පහර දී ඇත්තේ බාල පුත්‍රයා වන බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර පුත්‍රයා මේ වන විට ප්‍රදේශයේ න් පලාගොස් ඇති අතර එම සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා දොඹගහවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version