28.4 C
Colombo
Tuesday, January 27, 2026

අනේ මෙහේමත් අච්චිලා මත්ද්‍රව්‍ය සමග කොටුවෙයි

ගුද මාර්ගයේ සඟවාගෙන හිරගෙදරට ගෙන යෑම සඳහා සකසා තිබුණු දුම්කොළ ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතයට ගන්නා උපකරණ සමග සැකකටයුතු කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට හාලිඇල පොලිසිය පසුගියදා කටයුතු කළා.
ඇයගේ නිවසේ මත් ලෝලීන්ට මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා අවශ්‍යය පහසුකම් සපයා ඇති බවත් මත්ද්‍රව්‍ය පැකට් කිරීමට ගන්නා උපකරණ ද හමුව තිබුණා.
අදාල කාන්තාව වයස අවුරුදු 65ක පමණ වන අතර අත්වාරුවෙන් ගමන්කර ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය අලෙවි කරන බවට චෝදනා එල්ලවි තිබෙනවා.
මෙම කාන්තාව පාතල සාමාජිකයින් සමග සබධතා පවත්වා මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන්නේද යන්න පොලිසිය පරීක්ෂණ සිදුකරනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version