27.8 C
Colombo
Tuesday, March 17, 2026

කුරුණෑගල වැල්ලව හංදියේ තරුණියන් විකුණලා මට්ටු – හිමිකරු විශ්‍රාමික පොලිස් නිලධාරියෙක්

කුරුණෑගල පොලිස් විශේෂ කාර්යංශය ට ලද තොරතුරක් අනුව කුරුණෑගල වැල්ලව හංදිය ( මුත්තෙට්ටුගල ) විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු ට අයත් ගණිකා නිවාසයක් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති හර්ෂ සමරකෝන් මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කළා.

එහිදී වයස අවුරුදු 20 ත් 30 ත් අතර තරුණියන් 06 දෙනෙකු සහ තරුණයන් දෙදෙනෙකු පොලිස් බාරයට ගැනුණා.

ගණිකා නිවාසය පවත්වා ගෙන ගිය විශ්‍රාමික පොලිස් නිලධාරියාද අත් අඩංගුවට ගත් අතර පොලීසිය ගණිකා නිවාසය පරීක්ෂා කරන විට ගංජා, අයිස් සහ මත්කුඩු ඔවුන් සන්තකයේ තිබී සොයා ගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් නඩු භාණ්ඩ සමග අදාල පුද්ගලයින් අධිකරණය ට ඉදිරිපත් කොට නිතිය ක්‍රියාත්මක කරවන බව පොලිස් පරීක්ෂක හර්ෂ සමරකෝන් මහතා මාධ්‍යට සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version