28 C
Colombo
Wednesday, December 10, 2025

පාසල් සිසුන්ට තග දැමු කොන්දට ඇත්තටම මොකද වුණේ

පාසල් නිමවිමෙන් පසු ගිනිගත්හේන නගරයේ පැවති බාහිර පන්තියකට සහභාගි විමෙන් අනතුරු සිය නිවෙස්වෙත පැමිණිමට බසයකට නැගි සිසුන් පිරිසක් මේ.

මෙම සිසුන් පිරිස ගිනිගත්හේන කඩවල දක්වා වාර ප්‍රවේශපත්‍ර අතතිව මෙලෙස බස් රථයට ගොඩවුවද කොන්දොස්තරවරයා පවසා සිටියේ සිසුන්ට බස් රථයෙන් බසින ලෙසටයි.

ගිනිගත්හේන සිට හැටන් දක්වා ධාවනය වු මෙම බස් රථය හැටන් ලංගම ඩිපෝවට අයත් වුවක්.

මෙම සිදුවිම අසල සිටි අයෙකු ජංගම දුරකථනයකින් පටිගත කොට සාමාජ මාධ්‍යට එක්කර තිබු අතර එ පිළිබඳව අදාල බලධාරින් විමර්ශණ ආරම්භ කළා.

සිදුකළ විමර්ශණයෙදි කරුණු වාර්තා වි ඇත්තේ නිගත්හේන සිට හැටන් දක්වා කෙටිදුර ධාවනය වන එම බස් රථයට වාර ප්‍රවේශපත්‍ර අතතිව සිටින කිසිදු පාසල් සිසුවෙකු ප්‍රවාහනය නොකරන බවයි

එමෙන්ම හැටන් ලංගම ඩිපෝවේ ඇතැම් රියදුරන් සහ කොන්දොස්තරවරුන් වාර ප්‍රවේශපත්‍ර මගින් ගමන් කරන පාසල් ළමුන් සහ මගින්ව බස් රථවලට නංවා නොගන්නා බවටද තොරතුරු වාර්තාවි තිබුණා.

එ අනුව අද පාර්ලිමේන්තුවේදිද මේ සම්බන්ධයෙන් අවධානය යොමුවු අතර අදාළ බස් කොන්දොස්තරවාරයාගේ වැඩ තාවකාලිකව තහනම් කිරීමට පියවර ගෙන තිබේනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version