මිනිසුන්ගෙන් ජිවිතය යදින භාතිය හස්තියා 🐘

වයසට වඩා පිරුණු පෙනුමකින් හෙබි, සමමිතික, හැඩ දළ යුවළකට හිමිකම් කියන භාතිය හස්තියා මේ වන විට ජීවිතයත් මරණයත් අතර සටනක නිරතවනවා.
අවුරුදු 30ත් 35ත් අතර වයසැති භාතිය හස්තියා ඉදිරිපස දකුණු පාදයේ ආබාධයක් හේතුවෙන් දැඩි පීඩාවට පත්ව සිටින්නේ දිගු කලක සිටයි.
දකුණු පාදයේ ඇතිවී තිබූ ඉදිමුම් තත්ත්වය උත්සන්න වීම නිසා හස්තියාගේ සංචරණය ක්‍රමයෙන් අඩාළ වී තිබුණා.
මේ අතරතුර හස්තියාට හොඬවැල ඔසවාගන්නට ක්‍රමයෙන් නොහැකි වී ඇති අතර ඉන් ආහාර ලබාගැනීම ද සීමා වුණා.
ඉන්පසු හස්තියා පත්වූයේ දැඩි දුර්වල තත්ත්වයකටයි.
වන අලින්ගෙන් නිරන්තර දැඩි පීඩාවට පත්වන ප්‍රදේශයක් වුවත් පොල්පිතිගම ඇතුළු අවට ගම්මානවල ජනතාව භාතියට ආහාර පවා ලබාදුන්නේ හස්තියා කෙරෙහි ඇති අනුකම්පාව හේතුවෙන්.
පශුවෛද්‍යවරුන් මැයි මාසයේදී ඇතාට ප්‍රතිකාර කිරීම් ආරම්භ කළ ද ඒ වන විටත් තත්ත්වය නරක අතට හැරෙමින් තිබූ බවයි වාර්තාවන්නේ.
අවස්ථා කිහිපයකදීම ඇදවැටුණු හස්තියා බැකෝ යන්ත්‍ර ආධාරයෙන් නැගිට්ටුවීමට උත්සාහ කෙරුණා.
එක් අවස්ථාවකදී නැගී සිටි ඇතා යම් දුරක් ඇවිද ගියත් ශාරීරික දුර්වලතා නිසා පොල්පිතිගම ගම්මානයේ කැළෑබද ප්‍රදේශයක ඇති ජලය පිරුණු වළක් අසල රැඳී ඇති අතර එතැන්පටන් හස්තියා එහි ම රැඳී සිටියා.
සත්ත්වයාට නිසි කලට නිසි ප්‍රතිකාර කිරීමට බලධාරීන්ගේ ක්‍රියා නොකිරීම නිසා හස්තියා මේ වනවිට ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වන බවට ඇතැම් පාර්ශ්වවලින් චෝදනා එල්ලවනවා.
මේ අතර, භාතිය ඇතාගේ තත්ත්වය සොයාබැලීම සඳහා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතාද එහිඊයේ ගොස් තිබුණා.
මේ අතර, ඇතාට වනජීවි දෙපාර්තමේන්තුවෙන් සිදුකරන ප්‍රතිකාර සහය පිණිස යුද හමුදා සාමාජිකයින් පිරිසක්ද අනුයුක්ත කර තිබෙනවා.
ඇතාගේ හිස ජලයේ ගිලීම වැළැක්වීම සඳහා ඔවුන් වැලි කොට්ට යොදා හිස් රඳවනයක් ද සකසා තිබෙනවා.
භාතිය හස්තියාට ඉක්මන් සුවය ලැබේවායි LBC News අපේ ප්‍රර්ථනයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version