26.7 C
Colombo
Wednesday, December 10, 2025

මුතු රාජා බලන්න ආපු කන්දේ විහාරේ හිමි සියල්ල හෙලිකරයි

“මුතුරාජා” හස්තියා තායිලන්තය වෙත රැගෙන යාමට තමන් එකඟතාව පළ කළේ, එම හස්තියා නැවත මෙරටට ලබාදීමේ පොරොන්දුව මත බව කන්දේ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර හිමි පවසනවා.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ, රෝගාතුරව සිටින “මුතුරාජා” හස්තියා තායිලන්තයට ගෙන ගොස් සුවපත් කර යළි මෙරටට ලබාදීමට මෙරට තායිලන්ත තානාපතිවරයා එකඟතාව පළ කළ බවයි.

2001 වසරේ දී “මුතුරාජා” හස්තියා මෙරටට පරිත්‍යාගයක් ලෙස ලබාදීමට තායිලන්ත රජය පියවර ගෙන තිබුණා.

එහෙත් එම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දින පිරිහීම හේතුවෙන් යළි තායිලන්තයට රැගෙන යාම සඳහා තායිලන්ත රජය මෙරටින් ඉල්ලීමක් කළා.

ඒ අනුව එම හස්තියා ලබන මස දෙවන වන දින තායිලන්තය වෙත රැගෙන යාමට නියමිතයි.

අලුත්ගම කන්දේ  විහාරයේ රඳවා සිටි “මුතුරාජා” හස්තියා දෙහිවල සත්වෝද්‍යානය වෙත මීට මාස හතකට පෙර රැගෙන ඒමෙන් අනතුරුව දෙහිවල සත්වොද්‍යාන පශු වෛද්‍ය නිලධාරින් විසින් හස්තියාට ප්‍රතිකාර සිදුකළා.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ, පශු වෛද්‍ය නිලධාරීන් ලබාදුන් ප්‍රතිකාර මත මේ වන විට එම හස්තියාගේ පිටුපස පාදයේ පැවති තුවාල බොහෝ දුරට සුව අතට පත්ව තිබෙනවා.
 
දෙහිවල සත්වෝද්‍යානයේ රඳවා සිටින මුතු රාජා හස්තියා පිළිබදව සොයා බැලීම සඳහා කන්දේ විහාරයේ විහාරාධිපති පූජ්‍ය කොක්කාවිට විපුලසාර හිමියන් පැමිණියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version