28.1 C
Colombo
Tuesday, April 29, 2025

සංජිව එළවයැවු සුපිරි සැලසුම කාගේද..?

අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණ මැදිරිය තුළදී එල්ල වූ වෙඩි තැබීමෙන් සංවිධානාත්මක අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර නැමැත්තා ජිවිතක්ෂයට පත්වුණා.

අපරාධකල්ලි නායකයෙකු වන ගණේමුල්ල සංජීව නොහොත් සංජීව කුමාර නැමැත්තා ඔහුට එරෙහිව විභාගවන නඩුවකට ඉදිරිපත් විම සඳහා බූස්ස බන්ධනාගාරයේ සිට අලුත්කඩේ අධිකරණය වෙත රැගෙන විත් තිබුණා.

නඩුකටයුත්ත අතර තුර නීතිඥවරයෙකු ලෙස සැරසි පැමිණි පුද්ගලයෙකු විසින් අධිකරණය තුළදී ගණේමුල්ල සංජීවට වෙඩි තැඹිම සිදු කර තිබෙනවා.

ගණේමුල්ල සංජීවට වෙඩි උණ්ඩ හයක් පමණ වැදී තිබු අතර පසුව ඔහුව කඩිනමින් කොළඹ ජාතික රෝහල වෙත රැගෙන එමට කටයුතු කළා.

කෙසෙවෙත් රෝහල් ගත කිරිමෙන් අනතුරුව ගණේමුල්ල සංජීව ජිවිතක්ෂයට පත්වුණා.

අනතුරුව ගණේමුල්ල සංජීවගේ සිරුර අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කෙරුණා.

නීතිඥවරයෙකු ලෙස සැරසි පැමිණි පුද්ගලයා පොලිසිය මෙවනවිට හඳුනාගෙන ඇති අතර මේ ඔහු පැමිණෙන cctv දර්ශණයි.

වෙඩිතැබීම සඳහා යොදා ගත් රිවොල්වරය මේ වන විට අධිකරණය භූමිකයේ තිබී සොයාගෙන ඇති අතර වෙඩිකරු ඉතා සුක්ෂම අන්දමින් තුවක්කුව සඟවාගෙන ආ පොතෙහි ඡායාරූපක් මේ.

මෙරට සිදුවු සංවිධානාත්මක අපරාධ සිද්ධි රැසකට සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමට ද සම්බන්ධකම් පවත්වන  ගනේමුල්ල සංජීව කරලියට පැමිණෙන්නේ 2009 වසරේ සිටයි.

මනුෂ්‍ය ඝාතන 19ක් සම්බන්ධයෙන් මේ වනවිට ගණේමුල්ල සංජීවට චෝදනා එල්ල වී ඇති අතර, ඔහු පාතාල කල්ලි සාමාජිකයෙක් වන කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වනවා.

කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ පියා ඝාතනය කිරීමේ චෝදනාව ගණේමුල්ල සංජීවට එල්ල වී තිබුණා.

ගණේමුල්ල සංජීව තම ක්‍රියාකාරකම් සඳහා හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් යොදා ගැනීමට පුරුදු වී සිටි අතර  ඔහු වේයන්ගොඩ එළුවාපිටිය ප්‍රදේශයේ ආරක්ෂිත නිවසක එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් තිදෙනෙකු සඟවා තබා ගෙන සිටි බව හෙළිවි තිබෙනවා.

පොලිස් බුද්ධි අංශ වාර්තා වලට අනුව, සංජීවගේ කල්ලිය සතුව පිස්තෝල 10ක් සහ ටී 56 ගිනි අවි 10ක් පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version