26 C
Colombo
Monday, November 25, 2024

‘සුපිරි ඕවරයේදී’ ජය සිංහයන්ට

ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය කණ්ඩායම් දෙකෙහිම ලකුණු සම තත්ත්වයට පත්වීම හේතුවෙන් සුපර් ඕවරය ක්‍රීඩා කිරීමට සිදුවුණා.

එහදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් තීරණාත්මක පන්දු ඕවරය මහීෂ් තීක්ෂණ විසින් යැවු අතර නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී රැස්කර ගත හැකි වුයේ ලකුණු 8ක් පමණයි.

ශ්‍රී ලංකා පිල පන්දු දෙකකින් ලකුණු 12 ක් රැස්කරමින් තරගය ජයගත් අතර චරිත් අසලංක දෙවැනි පන්දුවට හයේ පහරක් එල්ල කරමි ජයග්‍රහණය පෙණෙන මානයට ගෙන ආ අතර තෙවැනි පන්දුවට නිපන්දු ලකුණු 5ක් ලැබීමෙන් ජයග්‍රහණය තහවුරු කළා.

තරගයේ කාසියේ වාසිය නවසීලන්ත කණ්ඩායම දිනාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට ආරාධනා කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී රැස්කර ගතහැකි වුයේ 196ක් පමණයි.

වසරකට අධික කාලයකට පසු පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා නොදැවී ලකුණු 53ක් රැස්කළා.

චරිත් අසලංක 67ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 25ක් ලබාගත්තා.

ලකුණු 196ක ඉලක්කය හඹා ගිය නවසීලන්ත කණ්ඩායමද නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 196ක් රැස්කල අතර ලකුණු සමවීම හේතුවෙන් ජයග්‍රහණය තීරණය වූයේ සුපර් ඕවරයෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version