28 C
Colombo
Wednesday, December 10, 2025

උපකාර පංති පෙමින් ගිය දිගයේ බිරිද පැහැරගත් සැමියා

මීට මාස කිහිපයකට පෙර විවාහ වූ 18 හැවිරිදි කාන්තාවක් එම විවාහය එපාවී නැවත හලාවත මනුවන්ගම සිය මවගේ නිවසට පැමිණෙන්නේ විවාහක සැමියා එපා විම හේතුවෙන්.

එලෙස මව්පියන්ගේ නිවසට පැමිණ සිටි අවස්ථාවේදී විවාහක සැමියා පිරිසක් සමග පැමිණ ඇයව බලහත්කාරයෙන් රැගෙන අයුරුයි මේ

අදාළ පැහැර ගැනීම 19 වනදා උදෑසන සිදුව ඇති අතර ඒ සඳහා කාන්තාවගේ විවාහක සැමියා ඇතුළු පස් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පැමිණ තිබුණා.

අදාළ සිදුවීම CCTV කැමරාවල සටහන්ව තිබුණේ මෙලෙසින්.

මෙම පැහැර ගැනීමට ලක්වු තරුණිය හලාවත ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය හදාරා ඇති අතර එවක ඇය උපකාරක පංතිවලට සහභාගීවෙමින් සිටියදී හඳුනා ගත් තරුණයකු සමග මිතුරුකමක් පවත්වා තිබෙනවා.

ඒ අනුව මව්පියන්ට හොර රහසේ දඹුල්ල ප්‍රදේශයේ එම තරුණයා සමග නිවසකට පැන යන්නේ කෙටි කලකදි ඇති කරගත් ආදර පලහිලව්වක් නිසාවෙන්. 

පසුව මෙම තරුණයා සමග විවාහවී ඇති මෙම තරුණිය මාස කිහිපයක් පමණක් එකට දිවිගෙවා ඇති අතර 19 හැවිරිදි සැමියාගේ හිරිහැර ඉවසාගත නොහැකිව කනස්සල්ලෙන් සිටි බවයි වාර්තා වන්නේ.

තමන් පත්වී ඇති තත්ත්වය පිළිබඳව මව්පියන් දැනුවත්කර ඇති ඇය ඔවුන් ලබාදුන් උපදෙස් මත පසුගිය මාර්තු 20 වනදා සැමියා සමග මහනුවර නගරයට පැමිණ සැමියාට සැක නොසිතෙන ලෙස ඔහුව මගහැර මව්පියන් සමග ආපසු හලාවත මනුවන්ගම නිවසට පැමිණ තිබුණා.

සැමියා ඇතුළු පිරිසක් පැමිණ ඇයව පැහැරගෙන ගොස් ඇත්තේ එසේ සිටියදීයි.

එම පැහැර ගැනීම සිදුවන අවස්ථාවේදී එම තරුණ කාන්තාවගේ මව පමණක් නිවසේ සිට ඇති බවයි පොලීසිය සදහන් කලේ.

පැහැර ගැනීමට පැමිණි පිරිස හා පැහැර ගත් තරුණ කාන්තාව සොයා හලාවත මුලස්ථාන පොලීසිය මේ වනවිට පරික්ෂණ ආරම්භ කර තිබේනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version