අදත් ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි

    0
    179
    ස්ථාන කිහිපයකට වැසි

    බස්නාහිර,සබරගමුව, සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    මඩකලපුව,අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශ වල සිහින් වැසි වාර කිහිපයක් අවම ඇතිවිය හැකියි.

    ගිඟුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් සිටිනවා.

    පුත්තලම සිට කොළඹ ගාල්ල,පොතුවිල් හරහා මඩකලපුව සක්වා වෙරළට ඔබ්බේන් වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි ඒම දෙපාර්තමේන්තුව පවසන්නේ..

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here