27.2 C
Colombo
Wednesday, December 10, 2025

කාන්තාවකට අමානුෂික ලෙස පහර දුන් අඹුසැමි යුවළට ඇප

පෞද්ගලික ආයතනයක් තුළ කාන්තාවකට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝව සම්බන්ධයෙන් සැකපිට අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කඳාන පොලිස් වසමේ ආනියාකන්ද පාර, නාගොඩ ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක් තුළ අදාළ පහරදීම සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ,

ඒ සම්බන්ධයෙන් 118 ට දුරකථන අංකයට ලද තොරතුරක් මත විමර්ශනයක් සිදුකර ඇති අතර ඊයේ රාත්‍රී කාලයේ දී කඳාන පොලිස් වසමේ ලිප්ටන් පාර, නාගොඩ ප්‍රදේශයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, 36 හැවිරිදි කඳාන, නාගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක්.

අත්අඩංගුවට පත්වූ සැකකරු පහරකෑමට ලක්වු තරුණියගේ ළඟම ඥාතීන් වන බව පොලීසිය සඳහන් කළා.

මෙම සැකකාර අඹුසැමි යුවළ ආනියාකන්ද ප්‍රදේශයේ ඔන්ලයින් ක්‍රමයට භාණ්ඩ වෙළෙඳාම් සිදුකරන ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර, පහරකෑමට ලක්වූ තරුණිය වසර 3ක පමණ කාලයක සිට මෙම ඥාතිවරයාගේ නිවසේ නැවතී අදාළ ආයතනයේ සේවය කර ඇතැයි විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

සැකකාර යුවළ තරුණියගේ ඥාතීන් වීම හේතුවෙන් පහරදීම සම්බන්ධයෙන් මුල් අවස්ථාවේ ඇය විසින් පොලීසියට පැමිණිලි කර නොමැති අතර, සිදුවීම සම්බන්ධයෙන් වීඩියෝ දර්ශන මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම හේතුවෙන් පොලීසියට පැමිණි කිරීමට තීරණය කළ බව පහරකෑමට ලක්වූ තරුණිය පවසා තිබෙනවා.

සිද්ධියෙන් පහරකෑමට ලක්වු 19 හැවිරිදි තරුණිය මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර ඇය කාර්යාලීය දුරකථනයෙන් සිය පෙම්වතාට ඇමතුම් ලබා ගැනීම සම්බන්ධයෙන් මෙම පහරදීම සිදුව බවයි පොලිසිය සඳහන් කළේ.

කෙසෙවෙතත් අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළට අධිකරණය විසින් ඇප මත මුදා හැර තිබෙනවා. අදාළ පුද්ගලයාට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ 2ක බැගින් වු ශරීර ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version