27.2 C
Colombo
Wednesday, December 10, 2025

කෘෂිකර්ම අංශයේ නිලධාරින්ට දීර්ඝකාලීන විදේශගතවීම් අත්හිටුවයි

මධ්‍යම රජයේ කෘෂිකර්ම අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන සංවර්ධන දෙපාර්තමේන්තුව ඇතුලුව සියලුම පළාත් කෘෂිකර්ම ආයතනවල සේවය කරන කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නිලධාරින්හට දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා තම අනුමැතිය ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබෙනවා.

ඊයේ (06) කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැති පළාත් කෘෂිකර්ම සමුළුවේ දී කෘෂිකර්ම ක්ෂේත්‍රයට අදාල නිලධාරින් විදේශගතවීම සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක්වුණා.

එම නිලධාරින් විදේශගතවීමක දී  කෘෂිකර්ම අමාත්‍යවරයාගේ අනුමැතිය අවශ්‍ය වන බැවින් දීර්ඝකාලීන විදේශගතවීම් සඳහා අනුමැතිය ලබා නොදෙන ලෙස පළාත් කෘෂිකර්ම බලධාරිහූ අමාත්‍යවරයාට යෝජනාවක් ඉදිරිපත් කළා.

විශේෂයෙන් කෘෂිකර්ම අංශයේ සේවය කරන කෘෂිකර්ම උපදේශක වැනි තනතුරු රැසක මේ වනවිට විශාල වශයෙන් පුරප්පාඩු පවතීන අතර වසර ගණනකින් එම පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා බඳවා ගැනීම් සිදු කර නැහැ

කෘෂිකර්ම අංශයේ නිලධාරිහු දීර්ඝකාලයකට විදේශගත වුවහොත් අප රටේ කෘෂිකාර්මික අංශය මුළුමනින්ම කඩා වැටීමේ අවදානමක් පවතිනවා.

එම නිසා මෙම කරුණු අවධානයට ගනිමින් මින් ඉදිරියට දීර්ඝ විදේශගතවීම් සඳහා කෘෂි අංශයේ නිලධාරින්ට තම අනුමැතිය ලබා නොදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.

මෙම තීරණය දැනට පුරප්පාඩු පවතින  තනතුරු සඳහා නව බඳවා ගැනීම් සිදු කරන තෙක් ක්‍රියාත්මක කරන බවත්, කෘෂිකර්ම අංශයට අදාල නිලධාරින් දීර්ඝකාලීන විදේශ ගතවීම් සදහා සිදු කරන ඉල්ලිම් තමන්ට යොමු නොකරන ලෙසත් අමාත්‍යවරයා සියලුම කෘෂිකර්ම බලධාරින්ට ඊයේ (06) දැනුම් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version