27.2 C
Colombo
Wednesday, December 10, 2025

ඡන්දය දාන්න යන්න කලින් මේ ගැන දැනුවත් වෙන්න

2024 සැප්තැම්බර් 21 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළව ඡන්දය භාවිතා කරන අන්දම පැහැදිලි කරමින් මැතිවරණ කොමිසම මාර්ගෝපදේශ සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා.

මෙවර මැතිවරණය සඳහා අපේක්ෂකයින් තිදෙනෙකුට වඩා තරග කරන බැවින් ඡන්ද දායකයින්ට තමාට කැමති අපේක්ෂකයා සඳහා සෘජුව ඡන්දය ප්‍රකාශ කිරීමට හෝ කැමති අපේක්ෂකයින් තිදෙනෙකුට මනාප ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමි වෙනවා.

එක් අපේක්ෂකයෙකු සඳහා පමණක් ඡන්දය ප්‍රකාශ කරන්නේ නම්, ඡන්ද දායකයින්ට අදාළ අපේක්ෂකයාගේ නම සහ ලකුණු සඳහන් තීරුව ඉදිරියේ ඇති කොටුව තුළ කතිර ලකුණු (X) යොදන්න පුළුවන්.

එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි දෙනෙකුට ඡන්දය ලබා දෙන්නේ නම් කැමැත්තේ අනුපිළිවෙල මත අපේක්ෂකයින්ගේ නම් සහ ලකුණු ඉදිරියෙන් ඇත තීරුවේ 1,2,සහ 3 ලෙස තම මනාපය ප්‍රකාශ කළ හැකියි.

මනාප ප්‍රකාශකළ හැකි උපරිම ගණන 3ක්.

මැතිවරණ කොමිසම මගින් නිකුත් කළ ඇති පහත උපදෙස් පත්‍රිකාව මගින් ඡන්දය භාවිතා කළ යුත්තේ කෙසේද යන්න තවදුරටත් පැහැදිලි කරගත හැකි වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version