27.2 C
Colombo
Wednesday, December 10, 2025

පානිය ජල ගැටළුවෙන් පීඩා විඳි පිරිසකට රාජ්‍ය ඇමති සනත් නිශාන්ත දුන් විසදුම

ලෝක ජල දිනයට සමගාමීව පුත්තලම දිස්ත්‍රික්කයේ කල්පිටිය ප්‍රදේශයේ පානීය ජල ගැටලුවෙන් පීඩා විඳින ජනතාවට විසඳුම් ලබා දෙමින් මස්ජිත් කුෆා  මුස්ලිම් පල්ලි  භූමියේ රුපියල් ලක්ෂ 50 කට අධික මුදලක් වැය කරමින් ස්ථාපිත කරනු ලැබූ නැනෝ තාක්ෂණික ප්‍රති ආශ්‍රෑත ජල පිරිපහදු මධ්‍යස්ථානය ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා අතින් විවෘත කෙරුණා.

උත්සවයට එක්වු රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ කල්පිටියට කලා ඔය සිට ජලය ගෙනඒම ක්ෂණික පපඩම්, ක්ෂණික නූඩ්ල්ස් හදනවා වගේ කළ නොහැකියි බවත් එය වසර දෙක තුනක පමණ දීර්ඝකාලීන ව්‍යාපෘතියක් බවයි

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ කලා ඔයේ ජලය පිරිපහදු කර කිලෝමීටර්  හතරක දුරක් මුහුදු පතුලේ එලූ නල මාර්ගයක්  හරහා ගෙන ඒමටත්, සංචාරක ව්‍යාපාරය වැඩි දියුණු කිරීමටත්, සෑම වර්ගයකම එළවළු වගා කිරීමටත්, කල්පිටිය ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරමින් සිටින බව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version