ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමේ සිද්ධියකට වරදකරු වූ ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත මහතාට වසර 5 හමාරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් හලාවත මහධිකරණය විසින් අද (15) නියම කළා.
2007 වසරේදී සිදුවූ මෙම පහරදීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාට සහ ඔහුගේ සොහොයුරු ජගත් සමන්ත මහතාට එරෙහිව නඩු පවරා තිබුණා.
කෙසේ වෙතත්, සනත් නිශාන්ත මහතා මීට පෙර රිය අනතුරකින් අභාවප්‍රාප්ත වූ බැවින් අද දින තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ ජගත් සමන්ත මහතාට එරෙහිව පමණයි.
සිර දඬුවමට අමතරව, පහරකෑමට ලක්වූ ප්‍රාදේශීය ලේකම්වරයාට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසද අධිකරණය නියෝග කළා.
එම වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් මාස 24ක සිර දඬුවමක් විඳිය යුතු බවට ද හලාවත මහධිකරණ විනිසුරුවරයා නියෝග කළා.

