32 C
Colombo
Tuesday, January 27, 2026

මරිය තුමියගේ පිලිරුවක වම් ඇසකින් කඳුලු ගලයි

හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයේ පසුගිය 10 දින සිට තැන්පත් කර ඇති ශාන්ත මරියතුමියගේ පිලිරුවේ වම් ඇසින් රත් පැහැයෙන් කදුළු ගලා ඇති බව එම දේවස්ථානයේ පියතුමණ් වන වර්ණකුලසුරිය ඇන්තනි ප්‍රනාන්දු පියතුමණ් පවසනවා.

හැටන් කුඩාගම ප්‍රදේශයේ කිතුනු භක්තිකයෙකුගේ නිවසේ තැන්පත් කර තිබු ශාන්ත මරියතුමියගේ පිලිරුවේ වම් දෑසින් රත් පැහැයෙන් කදුළු ගලන බව දුටු එම කිතුනු භක්තිකයා එදින පස්වරුවේ එම පිලිරුව හැටන් ශ්‍රි කුරුස දේවස්ථානය වෙත වඩම්මවා තිබෙනවා.

ඉන් අනතුරුව ශාන්ත මරියතුමියගේ පිලිරුව දේවස්ථානයේ තැන්පත් කල බවයි එම පියතුමණ් කියා සිටියේ.

පිළිරුවෙන් ගලා ආ කදුළු වල තෙතමනයක් තිබු බවත් එය පසුදින අලුයම වන විට කදුළු වියලි ගොස් ඇති බවයි පියතුමන් කියා සිටියේ.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ එලෙස පැමිණි කඳුලු ඕනැම කෙනෙකුට පියවි ඇසින් දැකගත හැකි බවයි.

මෙවන විට ශාන්ත මරියතුමියගේ දේව ප්‍රතිමාව දැක බලා ගැනිමට සහ යාඥා කිරිමට විශාල කිතුනු බැතිමතුන් ඇතුළු ප්‍රදේශවාසින් පිරිසක් හැටන් ශ්‍රි කුරුස දේවස්ථානය වෙත පැමිණෙන අයුරු දක්නට ලැබුණා.

එසේ පැමිණෙන කිතුනු බැතිමතුන් දේවස්ථානය තුල යාඥා කර දේව මෙහෙයන් සිදු කරන බවයි පියතුමණ් කියා සිටියේ.

හැටන් ශ්‍රි කුරුස දේවස්ථානයට විශාල පිරිසක් පැමිණිම හේතුවෙන් එම දේවස්ථානයට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙන අයුරුද දක්නට ලැබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version