අනියම්පෙමට සැමිය බිරිදගේ හිස කදින් වෙනකරයි – ගැබිනි බිරිඳ ඝාතනය කර හිස රැගෙන පොලීසියට ගිය සැමියා

සිය ගැබිනි බිරිඳ ඝාතනය කොට හිස කඳින් වෙන්කර එම හිස කොටස රැගෙන පොලීසියට පැමිණ භාරවූ පුද්ගලයෙක් සම්බන්ධයෙන් වවුනියාව පුලියන්කුලම ප්‍රදේශයෙන් අපට වාර්තාවුණා. 

පුලියන්කුලම,නයිනමඩු මාර්ගයේ රක්ෂිත ප්‍රදේශයක් අසලට සිය බිරිද සමඟ පැමිණ ඇති සැකකාර සැමියා ඇයව තියුණු ආයුධයකින් කපා ඝාතනය කර, හිස කදින් වෙන්කර, කද කොටස රක්ෂිත ප්‍රදේශයට දමා,හිස කොටස ස්කූටර වර්ගයේ යතුරු පැදියේ ඉදිරිපස තබාගෙන පුලියන්කුලම පොලිසියට රැගෙනවිත් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස ඝාතනය කර ඇත්තේ වවුනියාව,පුලියංකුලම,නොච්චියාගම පදිංචි සුගීර් දරන් ස්වර්ණලතා නැමැති 32හැවැරදි ගර්භණි කාන්තාවක්.

ඇය ප්‍රදේශයේ රජයේ ප්‍රථමික විදුලහලක ගුරුවරියක් ලෙස සේවය කරන ගුරුවරියක් බවයි වාර්තා වන්නේ.

සැකකරු සිය බිරිදගේ හිස සහිත යතුරු පැදිය පුලියන්කුලම පොලිසියේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසලට රැගෙනවිත් ස්ථානාධිපතිවරයාට සහ සෙසු නිලධාරීන්ට සිදුකළ අපරාධය පිළිබද දැණුම් දි තිබෙනවා.

අනියම් සබධතාවක් අනාවරණය විම හේතුවෙන් දෙදෙනා අතර ඇතිවු ආරවුලක් පිලිබඳව පැමිණිලි කිරිමෙන් අනතුරුව එය විභාග කිරීම සඳහා පොලිසිය සිදුකළ දැනුම් දිමකට අනුව යතුරුපැදියෙන් පොලිසියට එමින් සිටියදි සැකකාර සැමියා රක්ෂිත ප්‍රදේශය අසල යතුරු පැදිය නවතා සිය බිරිද රක්ෂිතයට රැගෙන ගොස් මෙලෙස ඝාතනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ.

බිරිදගේ අනියම් සම්බන්ධය මෙම ඝාතනයට හේතුව බවයි මුලික විමර්ශන වලදි අනාවරණය වි ඇත්තේ.

ඝාතනය සඳහා යොදාගත් තියුණු අයුධය පොලිසිය විසින් සොයාගෙන ඇති අතර මියගිය කාන්තාවගේ කදකොටස රක්ෂිත ප්‍රදේශයේ තිබි සොයාගෙන තිබෙනවා.

සැකකරු වවුනියාව පුලියන්කුලම නොච්චිකුලමහි පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් වනවා.

පොලිසියට බාරවු සැකකරු වවුනියාව මහේස්ත්‍රත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකල අතර සිද්ධිය සම්බන්ධයෙන් පුලියන්කුලම් පොලිසිය සහ වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version