26.7 C
Colombo
Wednesday, December 10, 2025

විරසක වු පෙම්වතිය ගෙන්වා ගැනීමට දැරියක් පැහැර ගනී

වයස අවුරුදු 07ක දැරියක් පැහැරගෙන ගොස් තිබුණේ මොරගහහේන ගොඩිගමුව ප්‍රදේශයේදී.

ඊයේ (13) උදෑසන සිය නිවසේ සිටියදී දැරිය පැහැරගෙන ගොස් තිබු අතර දැරියගේ මව මේ සම්බන්ධයෙන් මොරගහහේන පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර තිබුණා.

පැමිණිල්ල සිදුකළ දැරියගේ මව ඇයගේ ස්වාමි පුරුෂයා, දරුවන් දෙදෙනා සිය මව හා සැමියාගේ නැගණිය අදාළ නිවසේ වාසය කර තිබේනවා.

සැමියාගේ නැගණිය පුද්ගලයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ඇති අතර ඔවුන් අතර අමනාපයක් ඇතිවීම හේතුවෙන් ඊයේ උදෑසන සැකකාර පෙම්වතා කුඩා දැරියව පැහැරගෙන ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

අනතුරුව පෙම්වතිය වෙත දුරකථන ඇමතුමක් ලබාදුන් සැකකරු පවසා ඇත්තේ දැරියට කරදරයක් සිදුකිරීමට පෙර ඇයට ඔහු වෙත පැමිණෙන ලෙසයි.

එවන් පසුබිමක සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලීසියේ ස්ථානාධිපතිවරයා විසින් ප්‍රදේශයේ CCTV දර්ශන ඔස්සේ විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ සැකකරු අත්අඩංගුවට ගැනිම සඳහායි.

කෙසෙවෙතත් පෙම්වතිය කැස්බෑව ප්‍රදේශයේ සැකකාර පෙම්වතා සිටි ස්ථානයට ගොස් ඇති අතර එහිදී සැකකරු විසින් කුඩා දැරිය පැමිණිලිකාරියගේ ඥාති නිවසක දමා ගොස් තිබෙනවා.

එහි පැමිණි පොලීසිය දැරිය සිය මවගේ භාරයට පත්කිරීමෙන් අනතුරුව හොරණ මූලික රෝහලට ඇතුළත් කලා.

සැකකාර පෙම්වතා විසින් රැගෙනගිය කාන්තාව සහ එම සැකකරු සොයා මොරගහහේන පොලීසිය මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

[td_block_social_counter facebook="tagdiv" youtube="tagdiv" style="style8 td-social-boxed td-social-font-icons" tdc_css="eyJhbGwiOnsibWFyZ2luLWJvdHRvbSI6IjM4IiwiZGlzcGxheSI6IiJ9LCJwb3J0cmFpdCI6eyJtYXJnaW4tYm90dG9tIjoiMzAiLCJkaXNwbGF5IjoiIn0sInBvcnRyYWl0X21heF93aWR0aCI6MTAxOCwicG9ydHJhaXRfbWluX3dpZHRoIjo3Njh9" custom_title="Stay Connected" block_template_id="td_block_template_8" f_header_font_family="712" f_header_font_transform="uppercase" f_header_font_weight="500" f_header_font_size="17" border_color="#dd3333" twitter="#"]
Exit mobile version