ස්පා ආයතනයක සේවය කළ 22 හැවිරිදි තරුණියකගේ ලිංගික දර්ශන සූක්ෂම ලෙස පටිගත කර, ඒවා ප්‍රසිද්ධ කරන බව පවසමින් එම තරුණිය ලිංගික කටයුතු සඳහා මුදලට අලෙවි කළ බව කියන 35 හැවිරිදි පිරිමි පුද්ගලයකු පැහැර ගෙන ගොස් අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා.
මෙලෙස අමානුෂික අන්දමින් ඝාතනයට ලක්ව ඇත්තේ මැදවච්චිය කූලික්කඩ ලිපිනයේ පදිංචිව සිටි ධර්මදාසගේ අෂාන් බුද්ධික නමැති 35 හැවිරිදි දෙදරු පියෙක්.
ඝාතනයට ලක්වු පුද්ගලයාගේ සිරුර පුළුස්සා දමා තිබියදී එම අස්ථි කොටස් සොයා ගෙන ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ස්පා කතක් ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සදහන් කළේ.
මරණකරු ඉකුත් 21දා නඩු කටයුත්තකට පෙනී සිටීම සඳහා මැදවච්චිය අධිකරණයට ගොස් යළි නිවසට නොපැමිණීම හේතුවෙන් බිරිඳ විසින්, තම සැමියා අතුරුදන් බවට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන සිදු කරමින් පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් මෙම ඝාතනයට සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණය කරගෙන තිබුණා.
ස්පා’ ආයතනයේ සේවය ලබා ගැනීමට පැමිණි පුද්ගලයකු සමග ප්‍රේම සබඳතාවක් ගොඩනඟාගෙන ඇති 22 හැවිරිදි සැකකාරිය, මරණකරු විසින් තමාට නිරන්තරයෙන් කරදර කරන බවට දැනුම් දීමෙන් අනතුරුව, සේවාව ලබා ගැනීමට පැමිණි නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි එම ප්‍රධාන සැකකරු යාළුවන් පිරිසක් සමග මෙම ඝාතනය සැලසුම් සහගතව සිදු කල බවයි ඔවුන් පොලිසියට පවසා ඇත්තේ.
අනුරාධපුර නගරයෙන් මෝටර් රථයක් කුලියට ගෙන, මරණකරු සූක්ෂම ලෙස අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය අසලට කැඳවා, මැදවච්චිය ප්‍රදේශයට රැගෙන ගොස්, රඹෑව මාර්ගයේ රට බීම හලකින් මත්පැන් පානය කර එය මරණකරුටද බීමට සලස්වා, වීදුරු බෝතලයකින් හිසට පහරදී මරණකරු ඝාතනය කළ බව සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී වැඩිදුරටත් අනාවරණය වි තිබෙනවා.
පහර දීමෙන් අනතුරුව මරණකරු සිහිසුන් වූ බවට සැකකර මෝටර් රථයේ දමා ගෙන මහවිලච්චිය මාර්ගයේ ලෝලුගස්වැව ප්‍රදේශයේ නිවසකට රැගෙන ගොස් සිටියදී එහිදී ජීවිතක්ෂයට පත්වූ පසු ඔයාමඩුව පොලිස් වසමේ දුනුමඩලාව රක්ෂිතය ආසන්නයට රැගෙන ගොස් මරණකරුගේ සිරුරට ටයර් හා පෙට්‍රල් දමා ගිනි තැබු බවයි සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් හමුවේ අනාවරණය වි ඇත්තේ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ, නාත්තන්ඩිය, එප්පාවල සහ කිරිඳිවැල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 26, 28 සහ 36 හැවැරදි අයවලුන් වනවා.
අත්අඩංගුවට ගත් අනුරාධපුර ‘ස්පා’ මධ්‍යස්ථානයක සේවය කළ තරුණිය වාරියපොළ, අවුලේගම ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි අයෙක්.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සහ සැකකාරිය අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.