27.8 C
Colombo
Tuesday, March 17, 2026

හදවතේ ගායකයා චාමරට මොකද වුණේ

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ ශ්වසන ආබාධයක් හේතුවෙන් කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කර ප්‍රතිකාර ලබන ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරෙමින් පවතින බව රෝහල් ආරංචි මාර්ග පවසනවා.

මීට දින කිහිපයකට පෙර අසනීප තත්ත්වයක් හේතුවෙන් ගායන ශිල්පී චාමර වීරසිංහ කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කළා.

එහිදී රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහුව එම රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබුණා. ඔහුගේ අසනීප තත්ත්වය සැලවීමත් සමඟම විශාල රසිකයින් පිරිසක් ඔහුගේ සුව දුක් බැලීම සඳහා පැමිණෙන බව සඳහන් වෙනවා.

මේ දින කිහිපය තුළ චාමරව බැලීමට රෝහලට පැමිණිමෙන් වළකින ලෙස පවුලේ අය ඉල්ලීම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Exit mobile version